Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd October 2019 17:44:17 Hours

30 වසරක අභිමානය සැමරු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

දෙස් විදේස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේද ගරුබුහුමනට පත්‍රවෙමින් රාජිණී වර්ණ හා ජනාධිපති වර්ණයෙන් පිදුම්ලද ශ්‍රි ලංකා ධරණීතලයේ බිහිවු ප්‍රථම ඉපැරණි රෙජිමේන්තුව වු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජි‍මේන්තුව සිය අභිමානවත් 30 වන සංවත්සරය 2019 ක් වු ඔක්තෝබර් මස 23 දින ඉතා උත්සවශ්‍රියෙන් සමරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය පිහිටුවිම සදහා 1989 ජුනි මස 30 දින යුද්ධ හමුදා විශේෂ නියෝග නිකුත් කිරිමෙන් පසු පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබු භූමියේදී වර්ෂ 1989 ක් වු ඔක්තෝබර් මස 23 දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර, එදා මෙදා තුර 'සේවය කරමි' යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය ආරක්ෂා කිරිම වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි.

රෙජිමේන්තු 30 වන සංවත්සරයෙහි මුලාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති හා ආරක්ෂක සේනා මුළස්ථානය (බටහිර) අඥාපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදි කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු වර්ණ ධජ ඝන 03 ක්, නිලධාරින් 24 හා මංගල හස්ථියා ඇතුලු සෙසුනිලයන් 485 කින් සමන්විත අභිමානවත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.අනතුරුව 2018 වසරේ පැවති පාලන පරික්ෂාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් නිත්‍ය හා ස්වේච්ජා බළඇණි වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරිම සිදු කරන ලද අතර, එහිදි 2018 වර්ෂයේ නිත්‍ය ඒකක අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් 15 ශ්‍රීලපාහ, දෙවන ස්ථානය දිනාගත් 11 ශ්‍රීලපාහ සහ ස්වේච්ජා ඒකක අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් 14 (සෙව්) ශ්‍රීලපාහ, දෙවන ස්ථානය දිනගත් 16 (සෙව්) ශ්‍රීලපාහ වෙත කුසලාන හා සහතිකපත් පිරිනමන ලදි. ඉන්පසුව 2019 වර්ෂයේ අන්තර් ඒකක සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් 11 ශ්‍රීලපාහ ඒකකය, දෙවන ස්ථානය දිනාගත් 19 ශ්‍රීලපාහ ඒකකය,හොදම අණදෙන්නා ලෙස 11 ශ්‍රිලපාහ ඒකකයේ නි/68890 කපිතන් ආර්ඒඑම්එල් රණසිංහ ශ්‍රිලපාහ යන නිලධාරිත්, හොදම ඛණ්ඩභාර නිලධාරි 1 ශ්‍රීලපාහ ඒකකයේ නි/69611 කපිතන් ජිඑච්එස් චින්තක ශ්‍රීලපාහ සහ 23 ශ්‍රිලපාහ ඒකකයේ ඛණ්ඩභාර නිලධාරි නි/69177 කපිතන් එල්එස්සි බංඩාර ශ්‍රිලපාහ යන නිළධාරින් දෙදෙනාම සම ජයග්‍රහකයින් විය. හොදම සරඹ උපදේශක 6 ශ්‍රීලපාහ ඒකකයේ සෙ/318328 බනි 11 උපනිත් ඩබ්ලිව්එච් හා හොදම පියවර කෝදු සරඹ ඛණ්ඩය වු 6 ශ්‍රීලපාහ ඒකකය වෙතං ද කුසලාන හා සහතිකපත් ප්‍රදානය කරන ලදි.ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් විසින් සියළු නිලයන් අමතමින් කාලෝචිත හරබර දේශණයක් පවත්වන ලදී.

පසුව රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රමුඛව පැවැති සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් කොනොනි සමාජ ශාලාවෙහි පැවැත්විමෙන් පසු සංවත්සර දිනයේ නිමාව සනිටුහන් විය. මෙම සංවත්සර දින සැමරුම් උත්සවය සදහා රෙජිමේන්තු මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙසැමේ ඇතුලු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගි වු අතර, සංවත්සර සැමරුම රෙජිමේන්තු අධිපති තුමන්ගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම අනුව නියෝජ්‍ය සේනාවිධායක ලුතිතන් කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.