Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th October 2019 12:35:05 Hours

පාබල හමුදාවට මහගු සේවාවක් සිදුකරන ලද කර්නල් එම්එච්එම්එල්එස්කේ වීරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 33 ට අධික කාලයක් තම ජිවිත කාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද කර්නල් එම්එච්එම්එල්එස්කේ වීරසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදා දිවියට සමුදීම 2019.10.19 වන දින සිදුවිය.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි වර්ෂ 1962 ක් වු ඹක්තොබර් මස 23 වන දින මහනුවර රජයේ රෝහලේදි උපත ලද අතර අධ්‍යාපන කටයුතු මහනුවර අලවතුගොඩ මධ්‍ය මහ විද්‍යාලය වෙතින් හදාරන ලදී. පාසලේ ක්‍රිඩා කටයුතු වලදි ජවන සහ පිටිය ක්‍රිඩාවෙන් කැපි පෙනෙන දක්ෂකමි දැක් වු දීප්තිමත් ශිෂ්‍යෙයකි. පාසල් අධ්‍යාපනයෙන් පසු වර්ෂ 1986 පෙබරවාරි මස 14 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි 1987 ජනවාරි මස 22 වන දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 2 ශ්‍රීසසංබ වෙත අනුයුක්තව එම ඒකක කණ්ඩභාර නිළධාරි වශයෙන් රාජකාරි කරමින් සිටියද 5 ශ්‍රීලපාහ ඒකකය වශයෙන් පරිවර්තනය වි ඉන් පසුව එම ඒකකය සමගින් රාජකාරි කරමින් ශ්‍රී ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කල නිලධාරියෙකු වන අතර එතැන් පටන් පාබල ඒකකයක ඇති සියලුම තනතුරු හොබවමින් රාජකාරින් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 13 වන ශ්‍රිලංජාඅබමු මෙන්ම 17 වන ශ්‍රිලංජාඅබමු හි දෙවන අණදෙන නිළධාරි වශයෙන් ද 9 වන ශ්‍රිලංජාඅබමු සහ 9 වන ශ්‍රීලංකා පාබල හමුදාවෙ අණ දෙන නිළධාරි වශයෙන් නොමැකෙන සේවාවක් එම ඒකකයන් වෙත සිදුකර ඇත.

පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි සිවිල් සමිබන්ධිකරණ නිළධාරි 225 බළ සේනා මුළස්ථානය සහ කර්නල් සමිබන්ධිකරණ නිළධාරි ලෙස අරක්ෂක සේනා මුළස්ථානය කිලිනොචිචිය ද අරක්ෂක සේනා මුළස්ථානය වන්නි ද රාජකාරි කරන ලදි. දේශිය පාඨමාලා වශයෙන් ඛණ්ඩ භාර නිළධාරි පාඨමාලාව සහ ප්‍රහාරක පුරොගාමි පාඨමාලාවද එතෙර පාඨමාලා වශයෙන් මධ්‍යම වෘත්තිය පාඨමාලාව පකිස්ථානයද සිවිල් සමිබන්ධිකරණ පාඨමාලාවද හදාරා තම දැණුම ඉහල නංවාගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට සන්ධ්‍ය කාලයේ දි රෙජිමේන්තු මධ්‍යස්ථාන නිළධාරි නිවස්නයේදි රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර මෙ සදහා මේජර් ජෙනරාල් එචිඑමිජේකේ ගුණරත්න ඩබිලිවිඩබිලිවිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම රෙජිමේන්තු මහ කාරක සභාවෙ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ද රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ නිළධාරින්ද සහභාගි වන ලද අතර මෙහිදි විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට විශේෂ සමරු තිලිණයක්ද පිලිගන්වන ලදි.