Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th October 2019 18:27:05 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩ සටහන් අතුරින් තවත් එක් දිගුවක් 2019.10.17 වන දින ක්‍රියාවට නන්වන ලදී. ඒ අනුව ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මැතිණියගේ උපදෙස් සහ මග පෙන්විම යටතේ සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් සහ 4 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය ඇතිව සේවා වනිතා ශාඛාව වෙතින් රු. 1,000,000.00 ක මුදලක් වැය කර අංක 76/2 රණවක තෝරයාය ප්‍රදේශයේ පදිංචි සෙ/314797 කෝප්‍රල් පුෂ්ප කුමාර අයිඑම්ආර් (මියගිය) යන කොනොනිගේ ලගම ඥාතියා වෙනුවෙන් ඉදිකිරිමට නියමිත නව නවසේ වැඩ කටයුතු ආරම්භ කිරිම සදහා ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2019.10.17 වන දින 1036 පැයට යෙදි තිබු සුභ මොහොතින් නිවසේ මුල්ගල තැබිමේ කටයුත්ත සිදුකරන ලදී. එම උත්සව අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ම්‍යධස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 4 ශ්‍රිලපාහ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් අයිආර් හේවාපතිරණ ආර්එස්පි පිඑස්සි ශ්‍රීලපාහ, රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ශ්‍රීලපාහ යන නිලධාරි සහ සෙසු සාමාජික පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදී.