Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th October 2019 17:52:32 Hours

2019 අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ විශිෂ්ඨයන් ඇගයිම

ශ්‍රී ලංකා පාබල හමුදාව 2019 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ රෙජිමේන්තු 17 ක් අභිබවා යමිනි. ඒ අනුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්විම අනුව ජයග්‍රහණය සඳහා ඇපකැප වු සරඹ කණ්ඩායමේ නිළධාරින් සහ සෙසු නිලයින් මෙන්ම උපදේශකයින් ඇගයිම වස් 2019.10.10 දින සැදැ කාලයේදි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි උත්සවයක් සංවිධානය කරන ලදී. මේ සඳහා රෙජිමේන්තු මහ කාරක සභාවේ නිලධාරින්ද දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු මෙන්ම හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වන මේජර් ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, වීඑස්වී, යුඑස්පී, එන්ඩීයු, පීඑස්සී, හා හිටපු රෙජිමේන්තු අධිපති වරුන් වන ජෙනරාල් නන්ද මල්ලවාරච්චී (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී, වීඑස්වී, යුඑස්පී, එන්ඩීයු, පීඑස්සී මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, වීඑස්වී, යුඑස්පී, එන්ඩීයු, පීඑස්සී හා මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග (විශ්‍රාමික) ආර්එස්පී, එන්ඩීයු, පීඑස්සී යන විශ්‍රාමික ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසු නිලයින් විශාල පිරිසක් ද සහභාගි වු අතර, මෙහි දි පැමිණි නිලධාරින් ජයග්‍රාහි කණ්ඩායමේ සියළු දෙනා සමග සමුහ ඡායාරූපයකටද පෙනි සිටින ලදි.

ඉන් අනතුරුව කොනොනි සාමාජ ශාලා‍‍ව දි සරඹ කණ්ඩායමේ සියළු නිලයින් හට රාත්‍රි ප්‍රණීත භෝජන සංග්‍රහයක් ලබා දෙන ලදි. එමෙන්ම මොවුන් හට ප්‍රණාම සහතිකයක් ද පිරිනමා ඔවුන්ගේ විශිෂ්ඨ ජයග්‍රහණය ඇගයිමට ලක් කරන ලදි.