Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th October 2019 13:53:43 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් අභිමානවත් වු විජයග්‍රහණයක්

අභිමානවත් වු ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසයට තවත් අමරණිය මතක සටහනක් එක් කරමින් 2019 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පාබල හමුදා සරඹ කණ්ඩායම සමත් විය.රෙජිමේන්තු17 අතුරින් ප්‍රථම ස්ථානය දිනා ගත් පාබල හමුදා කණ්ඩායම පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන පාබල හමුදාවේ ගෞරවය රැක ගැනිමට හා කීර්තිය ඉහල නැංවිම සදහා මෙම තරගාවලියට සහභාගි වු නිලධාරින් සෙසු නිලයින් දැක්වු දායකත්වය සුවිශේෂි විය. මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පීවීඑස්වී යූඑස්පී එන්ඩිසීපීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2019.10.03 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹභූමියේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව් ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදේස් හා මග පෙන්විම යටතේ හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වි ලැබු පුහුණුවෙහි ප්‍රථීපලය අද දින පාබල හමුදා රෙජිමේන්තුව නෙලා ගැනිමට සමත් විය. මේ සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කල හිටපු රෙජිමේන්තු අධිපතිතුමන් සහ සියලුම මණ්ඩල සාමාජිකයින් හා නන් අයුරින් සහයෝගය දැක් වු පාබල හමුදා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් හා නිලධාරින් ඇතුළු සියළුම සෙසු නිලයන්ද ගෞරවයෙන් සිහිපත් කල යුතුය.

එමේන්ම මෙම තරගාවලියට සමගාමිව පැවැත්වු පියවර කෝදු තරගාවලිය හා තුර්යය වාදක කණ්ඩායමි තරගාවලියේද පිළිවෙලින් 04 වන හා 05 ස්ථානයන් දිනා ගැනිමට සමත් විම මෙහිලා කැපිපෙන දක්ෂකමකි. මේ සදහා කැපවීමෙන් ක්‍රියා කල සියළු දෙනා ද විශේෂයෙන් සිහිපත් කල යුතුය.