Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd September 2019 08:41:16 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය තුන්වන අදියර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ තුන්වන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 22 වන දින ආරම්භ කරන ලදී.

ශ්‍රීලපාහ ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර මෙදින 23 ශ්‍රීලපාහ, 24 ශ්‍රීලපාහ සහ 5 (සෙව්) ශ්‍රීලපාහ - යන ඒකක වල සංචාරය සිදුකරන ලදී. 24 ශ්‍රීලපාහ ඒකකයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත අඩි 25 x 75 ප්‍රමාණයේ දේශන ශාලාව සඳහා මුල්ගල තැබීම හා 5(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ අර්ධ ස්ථීර 20 x 80 ප්‍රමාණයේ භට නිවාසයක් විවෘත කිරීම මෙහිදී වි‍ශේෂයෙන් සිහිපත් කල යුතු ය. මෙම සංචාරයේදී ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම් ලබාදෙමින් භඨ පිරිස් අමතා වටිනා දේශනයන්ද සිදුකරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද සහභාගී විය.