Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th September 2019 09:25:20 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය දෙවන අදියර දෙවන දිනය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අදියර දෙවන දිනය ආරක්ෂක සේනා මූලස්ථානය (කිළි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කරන ලදී.

ශ්‍රීලපාහ ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර මෙදින 7 ශ්‍රීලපාහ, 17 (සෙව්) ශ්‍රීලපාහ සහ 10 ශ්‍රීලපාහ - යන ඒකක වල සංචාරය සිදුකරන ලදී. මෙම ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම ලබාදෙන ලද අතර භඨ පිරිස් අමතමින් වටිනා දේශනයන්ද සිදුකරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද සහභාගී විය.