Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th September 2019 00:14:06 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය දෙවන අදියර

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) සහ ආරක්ෂක සේනා මූලස්ථානය (කිළිනොච්චි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 10 වන දින ආරම්භ කරන ලදී.

ශ්‍රීලපාහ ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර මෙදින 2 (සෙව්) ශ්‍රීලපාහ, 11 ශ්‍රීලපාහ, 16 (සෙව්) ශ්‍රීලපාහ සහ 20 ශ්‍රීලපාහ - යන ඒකක වල සංචාරය සිදුකරන ලදී. එමෙන්ම 19 ශ්‍රීලපාහ ඒකකය දැනට වාර්ෂික බළඇණි පුහුණුවීම්වල නිරතව සිටින අතර එම භඨ පිරිස් හි පුහුණු කටයුතු පිළිබඳ සොයාබැලීම විශේෂත්වයක් වූ අතර මෙම ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම ලබාදෙන ලද අතර භඨ පිරිස් අමතමින් වටිනා දේශනයන්ද සිදුකරන ලදී. තවද මෙම සංචාරයේදී 20 ශ්‍රීලපාහ ඒකකයේ නිලධාරින්ගේ හා සෙසුනිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද 80' x 20' ප්‍රමාණයේ දේශන ශාලාව සහ ඊට යාබද පුස්තකාලය රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කල අතර මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද සහභාගී විය.