24th July 2019 14:45:33 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වශයෙන් වසර 1 1/2 ක පමණ කාලයක් පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙත අනගි සේවයක් ඉටුකර 2019.07.05 වන දින සේවා වනිතා ශාඛාවෙන් නික්ම යන තුෂාරි කුලතුංග මැතිණිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන තේජා පෙරේරා මැතිණිය හට සමුදීමේ සුහද හමුවක් 2019.07.20 වන දින වත්මන් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන ක්‍රිෂානි මුදලිගේ මැතිණිය සහ සාමාජිකාවන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී.
එහිදි තුෂාරි කුලතුංග මැතිණිය මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වශයෙන් කටයුතු කල කාලයතුල මෙම රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින් හා සෙසුනිලයින් වෙත විවිධ අවස්ථාවන්හිදී කරනු ලැබු උපකාරයන් පිළිබඳව ආවර්ජනය කල අතර, මියගිය හා ආබාධිත තත්වයට පත්වුවන් හට ඉටුකරනු ලැබු සේවාවන් ඇගයිමකට ලක් කරන ලදී. තවද මෙතුමියගේ මගපෙන්වීම හා මුලිකත්වය මත රණවිරුවන් වෙත ලබාදුන් නව නිවාස, වෛද්‍යාධාර හා රණවිරු පවුල්වල දු දරුවන් හට ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳව කෘතඥතාවය පලකරන ලදී. මෙම මැතිණියන් විසින් රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙත ඉටුකරනු ලැබු විශිෂ්ඨ සේවය ඇගයිම වස් වත්මන් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය ක්‍රිෂානි මුදලිගේ මැතිණිය විසින් සමරු තිළිණයක් පිළිගන්වා ඔවුන්ගේ ඉදිරි අනාගතය සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි සුභ ප්‍රර්ථනා කරන ලදී.