Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th July 2019 18:50:55 Hours

සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගැනිම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන තුෂාරි කුලතුංග මැතිණිය තම ධුරයේ වසර 1 1/2 කට ආසන්න කාලයක් රාජකාරි කරනු ලැබු අතර එතුමිය සිය ධුරයෙන් සමුගැනිමෙන් පසු එම තනතුර සදහා 2019.07.05 වන දින ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 6 වන ගරු සභාපති තුමිය වශයෙන් ක්‍රිෂානි මුදලිගේ මැතිණිය පත්වු අතර එම මැතිණිය විසින් 2019.07.11 වන දින 1143 පැයට යෙදුන සුභ මොහොතින් රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධුරයේ වැඩ භාරගන්නා ලදී.