Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th July 2019 18:26:47 Hours

ශ්‍රි ලංකා පාබල හමුදාවට අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු

හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විශ්‍රාම යාමෙන් පසු අභිනවයෙන් පත් වු 10 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2019.07.11 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි නව රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු නියෝජ්‍ය සේනාවිධායක ලුතිතන් කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ගෞරවපූර්වකව පිළිගන්නා ලද අතර කඳවුරු සම්මාන මුරයක් ලබා දීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන යන ලද අතර, එහිදී යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී.

ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. තවද මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙකොනොනින් සමඟ සමූහ ඡයාරූපයකට ද පෙනීසිටින ලදී.

පසුව අභිනවයෙන් පත්වූ රෙජිමේන්තු අධිපති තුමන් තම කාර්යාලයේදී සමප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් මැද තම ධූරයේ රාජකාරි භාරගන්නා ලද අතර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බනි සැර නිවස්නයේදී සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

ඉන්පසු භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදී මුහුණ දීමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට සියලු නිලධාරින් සහ සෙසුනිලයින් හට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. තවද 2019.07.10 වන දින මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් අරක්ෂක සේනා මූලස්ථානය බටහිර අඥාපති ලෙස ද රාජකාරි භාරගන්නා ලදී.