Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th June 2019 22:56:19 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් දියත්කරනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් අද දින ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන තුෂාරි කුලතුංග මහත්මියගේ උපදෙස් හා මග‍පෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් මුල්ලේරියාව මානසික රෝහලේ සංචාරයක් සිදුකරන ලදි. එහිදී නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් 450 දෙනෙක් සදහා අද දින (2019.06.29) උදෑසන 1030 පැයට කෙටි ආහාර සමගින් තේපැන් සංග්‍රහයක් ලබාදෙන ලදි. ඒ සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඇතුලු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරි වන මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු සෙසු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.