Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th June 2019 21:13:21 Hours

බළඇණි ඉතිහාස ග්‍රන්ථය එළිදැක්විම - 5 (සෙව්) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ පස්වන සාමාජිකයා ලෙසින් 1987.08.15 මහනුවර පල්ලේකැලේහිදි බිහිවු 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය මේ වන විට වසර 32 ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. ඉතා පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙම බළඇණීයේ අතීත මතක සටහන් සහ තොරතුරු ඉතිහාස ගත කිරිම කාලින අවශ්‍යතාවයක්ව පැවතිනි. ඒ අනුව මෙම තොරතුරු ඇතුලත් බළඇණි ඉතිහාස ග්‍රන්ථය එළිදැක්විම වර්ෂ 2019 ක් වු ජුනි මස 21 වන දින මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු වත්මන් ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදී.

එමෙන්ම මෙම බළඇණිය ස්ථාපිත කිරිමේදි ප්‍රථම අණදෙන නිලධාරි ලෙසින් නායකත්වය ලබාදුන් බ්‍රිගේඩියර් එම්ජේ අල්විස් (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලු මෙම බළඇණිය ශ්‍රීලපාහ ඒකකයන් අතර විශිෂ්ඨ බළඇණියක් කරා ගෙනයාමේ මහගු සේවයට උරදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුන මෙම උත්සවය සදහා ඒකකයට අයත් සෙසුනිලයින් මෙන්ම විශ්‍රාමික සෙසුනිලයින්ද සහභාගි වීම කැපි පෙණෙන ලදී.

මෙම උත්සවය සාර්ථක කර ගැනිම සදහා සහභාගිත්වයෙන් සහ නන් අයුරින් උපදෙස් මෙන්ම ඒ සදහා මගපෙන්විම් සිදුකර ලබාදුන් සහයෝගය වෙනුවෙන් 5 (සෙව්) ශ්‍රීලපාහ වත්මන් අණදෙන නිලධාරි මේජර් එන්බීඒයුකේ නිශ්ශංක ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු සියලු නිලයින්ගේ හෘදයාංගම ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.