Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th June 2019 16:01:56 Hours

පාබල හමුදාවට අද්විතිය සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් එච්එම්ඩව්ලිව්කේ හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 31 ක් තම ජිවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් එච්එම්ඩව්ලිව්කේ හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019.06.20 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1964 ක් වු ජුනි මස 21 වන දින උඩුපුස්සැල්ලාව රජයේ රෝහලේදි උපත ලද අතර මුලික අධ්‍යාපනය නුවරඑළිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය වෙතින් හදාරන ලදී. පාසල් අධ්‍යාපනයෙන් පසු වර්ෂ 1986 ජුනි මස 11 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි 1988 ජනවාරි මස 01 දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 4 ශ්‍රීලපාහ ඒකකය වෙත අනුයුක්තව එම ඒකකය සමගින් ශ්‍රී ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කල නිලධාරියෙකු වන අතර එතැන් පටන් පාබල බළඇණියක ඇති සියලුම තනතුරු හොබවමින් රාජකාරින් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 4 වන බළඇණියෙ මෙන්ම 15 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේද දෙවන අණදෙන නිලධාරි වශයෙන් සහ ප්‍රතිස්ථාපනය කරන ලද 12 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ඉතා උසස් සේවාවක් එම ඒකකයන් වෙත සිදුකර ඇත.

පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පාබල පුහුණු මධ්‍යස්ථානය - මින්නේරිය පුහුණු පාසලෙහි විධායක අධිකාරි, බළඇණි පුහුණු උපදේශක මානි II (පුහුණු) වැනි තනතුරු හොබවා නැවත යුධ හමුදා පුහුණු පාසල - මාදුරුඔය හි බළඇණි පුහුණු සම්බන්ධිකරණ නිලධාරි හා එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක වශයෙන්ද, ප්‍රදේශ මුලස්ථානය - මහනුවර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, තුන්වන කාර්ය සේනාංකය - අක්කරපත්තුහි කර්නල් ප්‍රමානි, 213 වන බළසේනා මුලස්ථානයේ කාර්ය නියුක්ත බළසේනාධිපති, 551 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති හා 111 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති වශයෙන්ද ඉතා කැපි පෙනෙන සේවයක් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විවිධ ක්‍රියාන්විතයන්හි දක්වන ලද සේවය ඇගයීම වස් රණ වික්‍රම පදක්කම, රණශූර පදක්කම හා සන්දාර වලින් පිදුම්ලබා ඇත. තවද යුධ හමුදාව තුලද අභිමානී සිවිල් සමාජයෙහි ද ගරු බුහුමන් වලට ලක්වි ඇති මෙතුමන් ලංකා අභිමානී ලංකාරක්ෂක, මානව හිතවාදි, දේශබන්දු, මුලු දිවයිනටම සාම විනිසුරු යන ගෞරව පදවි නාමයෙන් පිදුම් ලබා ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් එච්එම්ඩව්ලිව්කේ හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් ලබාදි පිළිගැනිමෙන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ උන්නතිව වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. ඉන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සදහා කොනොනි සමාජ ශාලාව වෙත කැදවාගෙන යන ලදී. ඉන් අනතුරුව රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේදි භඨ පිරිස් අමතමින් හරවත් දේශණයක් සිදුකර රටට ස්ථිර සාමය උදාකිරිම උදේශා දායකත්වය ලබාදෙමින් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුදකරන ලද අතර රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදි මුහුණ දිමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් සමග සමුහ ජායාරූයකටද පෙනිසිටින ලදී. යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් එච්එම්ඩව්ලිව්කේ හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමුදිම සදහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ලදී.