Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th June 2019 10:51:42 Hours

නවතමයෙන් ඉදිකරනු ලැබු රෙම ශ්‍රිලපාහ රිවේල් නිවාඩු නිකේතනය

ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රි ලංකා පාබල හමුදාවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධක ව්‍යාපෘතින්ගෙන් තවත් එක් පැතිකඩක් වු දිවයිනෙහි විවිධ ප්‍රදේශවල ඉදිකරනු ලබන නිවාඩු නිකේතනයන්ට අමතරව අභිනවයෙන් එක් වු අංග සම්පුර්ණ සුවපහසු නිවාඩු නිකේතනය බොධිකන්ද ප්‍රදේශයේ හලංගොඩ වැව් ඉස්මත්තේ ස්වභාව සෞන්දර්යයෙන් අනුන භූමි භාගයක පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩ පිහිටි පෞරාණික ගොඩනැගිලි වල දක්නට ලැබෙන ප්‍රෞඩත්වය මෙන්ම ගාම්බිරත්වය ඒ ආකාරයෙන්ම ආරක්‍ෂා කරගනිමින් ඉදිකර තිබිම සුවිශේෂි ලක්‍ෂණයකි.

මුල්ම අධියරෙහි ඉදිකර ඇති ශ්‍රි ලංකා පාබල හමුදාවේ දියතලාව ප්‍රදේශයෙහි ඉදිකර ඇති දැනට පවතින නිවාඩු නිකේතන සඳහා ඇති ඉල්ලුම් අසීමිත වන අතර, ඉඩකඩ සීමා සහිත වේ. ඒ නිසාම පාසල් නිවාඩු කාලය තුලදී විශේෂයෙන්ම සෙසුනිලයින්ට නිවාඩු නිකේතනය වෙන්කිරීමේ අවස්ථාව සීමිත වේ. එම නිසා සියළුම නිලධාරීන්ගේ හා සෙසුනිලයින්ගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ උදාර සංකල්පයකට අනුව සහ එතුමන්ගේ මග පෙන්විම යටතේ ඉදිකරන ලද මහල් 02 කින් යුත් නවීන අංගගෝපාංග සහිත කාමර 04 කින් සමන්විත මෙම නිවාඩු නිකේතනය ඉතා මනරම් මිදුමේන් වෙලාගත් අතිරමණීය පරිසරයක ඉදිකර ඇති අතර මෙම බිම්කොටස ශ්‍රීලපාහ රෙජිමේන්තුවට ලබාදිම සබැදිව වත්මන් යුද්ධ හමුදාධිපති තුමන් දැක්වු සුවිශේෂි දායකත්වය කෘතගුණපුර්වකව සිහිපත් කරමි. මෙහි මුල්‍ය දායකත්වය රෙජිමේන්තුව මධ්‍යස්ථානය විසින් දරනු ලැබු අතර, ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරීන් හා සෙනීන් මෙන්ම ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සෙනීන් විසින් සපයන ලදි.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ඉදිකරන ලැබු අතර, ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරි ප්‍රවීන ගෘහ නිර්මාණ ශිල්පී අසේල පෙරේරා මහතා විසින් ගෘහ නිර්මාණය සිදුකරනු ලැබු අතර, ඔහු විසින් මෙම කාර්යය සඳහා කිසිදු මුදලක් අය නොකිරීම මෙහිදී ගෞරවයෙන් සිහිපත් කල යුතුය එමෙන්ම විවිධ අවස්ථාවන්හිදි මෙහි නිවාඩු නිකේතනයේ ඉදිකිරිම් කටයුතු සොයා බැලිම සදහා පැමිණි මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද ලබාදෙනු ලැබු මගපෙන්විම් හා සහයෝගය මෙහිදි විශේෂයෙන් සිහිපත් කල යුතුය. තවද මෙම නිවාඩු නිකේතනය සෙනින් හට උදෑසන අවදිවිම සදහා නගන බියුගල් හඩ යන අර්ථය දෙනු ලබන ප්‍රංශ භාෂාවේ එන “රිවේල්” යන නාමයෙන් හදුන්වනු ලබයි. එමෙන්ම මෙහි පාලන කටයුතු සදහා නිලධාරියෙකු අතුලු සෙනින්ගෙන් සහ සිවිල් සේවක මහතුන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්ද යොදවා ඇත.

2018.08.26 දින මේ සඳහා මුල්ගල තැබු අතර, මාස 09 කුත් දින 10 ක පමණ කෙටි කාලයක් තුල ඉදිකරන ලද මෙම නිවාඩු නිකේතනය රෙජිමේන්තු අධිපතු තුමාන්ගේ ගෞරවණීය ආරධනයෙන් සපැමිණි යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී යුඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2019.06.06 දිනට යෙදුන සුභ මොහොතින් විවෘත වු අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු අධිපති තුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම), රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේනාවිධායක යුද හමුදා විද්‍යාපීඨය, මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වු අතර, තේ පැන් සංග්‍රහයක් හා වැඩ කණ්ඩායම් සඳහා ප්‍රණාම සහතිකපත් හා තිළිණ ප්‍රධානයක්ද සිදුකරන ලදී.