Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th May 2019 16:30:18 Hours

රෙජිමුබ ශ්‍රීලපාහ බුස්ස කඳවුරෙහි රාජකාරි කරණු ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වායුසමනය කල නවිණ අංගෝපාංගයන්ගෙන් සමන්විත භෝජනාගාරයක්

රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය බුස්ස කදවුරෙහි රණක්ෂිතයට පත් සෙනින් සදහා අංග සම්පුර්ණ සෙසුනිළ භෝජනාගාරයක අවශ්‍යතාවය පැවති අතර ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි භාර ගැනිමේන් අනතුරුව බුස්ස පිහිටි රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ සිදුකරනු ලැබු නිරික්ෂණ චාරිකාවේදි පවතින සෙසුනිළ භෝජනාගාරය නවීකරණය කරන ලෙස ලබාදුන් උපදෙස් හා මගපෙන්විම අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ රෙජිමුබ ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්එම්එස් රාජකරුණා ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලාගේ අධීක්ෂණය යටතේ රණක්ෂිතයට පත් පාබල හමුදා විරුවන්ගේ ප්‍රයෝජනය සදහා වායුසමිකරණය කරන ලද එකවර සෙනින් 100 කට ආහාර ලබාගත හැකි නවිණ අංගෝපාංගයන්ගෙන් සමන්විත අඩි 70 x 20 ප්‍රමාණයේ භෝජනාගාරය 2019.05.08 දිනට යෙදුන සුභ මොහොතින් රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කර රෙම ශ්‍රීලපාහට අයත් රණක්ෂිතයට පත් සෙනින්ගේ ප්‍රයෝජනය සදහා පවරා දෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ මුල්‍ය දායකත්වය මෙන්ම සෙනින්ගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ පරිත්‍යගශීලීන්ගේ ධන පරිත්‍යාගයන් මෙම නවීණ භෝජනාගාරය ඉදිකරන ලද අතර විවෘත කිරීමේ අවස්ථාව සඳහා රෙජිමේන්තු මහා කරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.