Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th April 2019 18:32:51 Hours

රෙම ශ්‍රීලපාහ බක්මහ උළෙල - 2019

සුර්යා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා ගමන් කිරිමත් සමඟ පැතිරෙන කොවුල් නාදයත් සමගින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙවරත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයටද උදා විය. වර්ෂ 2019ක් වු බක් මස 09 වන දින පැවැත්වු පාබල හමුදා අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා තුෂාරි කුලතුංග මැතිණිය සහභාගි වන ලද අතර, මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිතයින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන රසල් හයින් ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබු මෙම අලුත් අවුරුදු උළෙල වර්ණවත් කරමින් සිංහල සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් ගැමි ගම්මානයක සිරිය විදහා දක්වමින් ගැමි ගෙදර, කඩ මණ්ඩිය, කුඹල් ගෙදර, රා තෑබෑරුම, කෙත සමග ගස උඩ පැල ආදී විවිධ අංගයන්ගෙන් සමන්විතවු අතර, ගම හරහා දිවිම, ලිස්සන ගසේ නැගීම, කොට්ටාපොරය, අලියට ඇස තැබිම, ආබාධිත සෙනීන් සඳහා තරග, බිත්තර ඇල්ලීම, පොල් ගෑම, පොල්අතු විවීම, සැගවුණු අමුත්තා සෙවීම, අවුරුදු කුමරිය/ කුමරා තේරීම වැනි ජන ක්‍රීඩාවන්ට ප්‍රධාන තැනක් හිමිවිය.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී, මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ශ්‍රීලපාහ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන තුෂාරි කුලතුංග මැතිණිය ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන් විශාල පිරිසක්ද, රෙසැමේ ඇතුළු සියලුම සෙසුනිලයින්ද ශ්‍රීලපාහ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ හා සෙසුනිලයින්ගේ ලඟම ඥාතින් රැසක්ද මෙම බක්මහ උළෙල සඳහා සහභාගි විය. මෙහිදී පැවැත්වු ජන ක්‍රිඩා සඳහා පවුල් වල සමාජිකයන්ද සහභාගීවී ඉන් ජයග්‍රහනය කර වටිනා ත්‍යාග දිනාගන්නා ලදී.මෙයට අමතරව නිලධාරි නිවස්නයේ පැවති සුහද හමුවේදි අභිනවයෙන් විවාහ දිවියට ඇතුලත් වු නිලධාරින් සහ එම භාර්යාවන් ගෙන්වා අළුත් අවුරුදු ත්‍යාග රෙජිමේන්තු අධිපති තුමා හා එම මැතිණිය විසින් පිරිනමන ලදී.