Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th March 2019 23:18:07 Hours

රෙම ශ්‍රීලපාහ "උදාරයි ඔබ ණය යෝජනා ක්‍රමය" මගින් ණය පහසුකම් ලබාදිම

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේවයෙහි නියතු නිලධාරි/ සෙසුනිලයින්ගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා ඉහළ පොලී ප්‍රතිශතයන් යටතේ විවිධ ආයතන/ පුද්ගලයන් වෙතින් මුදල් ලබාගැනිමේදි සිදුවන ආර්ථික හා වෙනත් අපහසුතා මගහරවා ගැනිමේ අරමුණින් වර්ෂ 2013 දී එවකට රෙජිමේන්තු අධිපති ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව රෙම ශ්‍රීලපාහ "උදාරයි ඔබ ණය යෝජනා ක්‍රමය" ආරම්භ කරන ලදී.

මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය පහසුකම් ලබාගැනිම සඳහා මාසිකව ලියාපදිංචි වන අයදුම්කරුවන් සංඛ්‍යාව අධිකවීම හේතුවෙන් ණයමුදල් ලබාදීම සඳහා ප්‍රමාණවත් මුදල් සංචිත "උදාරයි ඔබ ණය යෝජනා ක්‍රමය" සතුව නොමැති වූ අතර 2019 පෙබරවාරි මස 15 දිනට ණය මුදල් අපේක්ෂිත පොරොන්තු ලේඛණය 163 ක් දක්වා ඉහළ යන ලදී. මෙම ණය මුදල් ප්‍රමාණය ලබාදිම සඳහා රුපියල් මිලියන 26.3 ක් අවශ්‍ය වු අතර එම මුදල් ප්‍රමාණය "පාබල මේලා වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙලිය - 2018" මගින් ලද අදායම් මුදලින් ලබාගැනිම සඳහා වු යෝජනාව, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මගපෙන්විමෙන් 68 වන මහ කාරක සභාවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒ සඳහා මහ කාරක සභා අනුමැතිය ලබාදෙන ලදී.

ඒ අනුව නිලධාරි/සෙසුනිලයන් 163 දෙනෙකු සඳහා උදාරයි ඔබ ණය මුදල් ලබාදිම වෙනුවෙන් රුපියල් මිලියන 26.3 ක මුදලක් අදාල ණය අයදුම්කරුවන් අයත් ඒකක රෙආස වෙත බැරකිරීම, වර්ෂ 2019 ක් වූ මාර්තු මස 01 වන දින සිදුකල අතර ශ්‍රීලපාහ නිලධාරි/සෙසුනිලයින්ගේ සුභසාධනය වෙනුවෙන් මෙවැනි විශාල ණය මුදල් ප්‍රමාණයක් කඩිනමින් ලබාදිම සඳහා ක්‍රියාකල රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වෙත සියළුම නිලයන්ගේ කෘතවේදීත්වය මෙසේ පලකර සිටින්නෙමු.