Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th January 2019 19:50:42 Hours

පාබල නිවහන විවෘත කිරීම

ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙසුනිලයින්ගෙන් සැදුම්ලත්, දශක 7කට ආසන්න ඉතිහාසයකට උරුමකම් ඇති පාබල හමුදා සංගමය මගින් තම සාමාජිකයින් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ සුබසාධනය සඳහා කතරගම කිරිවෙහෙර පූජා භූමියට ආසන්නව ගෝතමීගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ''පාබල නිවහන'' නිවාඩු නිකේතනයේ පළමු අදියරය, පාබල හමුදා සංගමයේ ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් වර්ෂ 2019 ක්වූ ජනවාරි මස 17 දිනට යෙදුනු සුභ මොහොතින් විවෘත කරන ලදී.

පාබල සංගමයේ වත්මන් සභාපති මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, කතරගම පූජාභූමිය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන පාබල සංගමයේ සාමාජිකයන් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින් හට නවාතැන් පහසුකම් ලබාගැනීමේදී ඇතිවන දුෂ්කරතා මගහරවාගැනීමේ මූලික අරමුණ ඇතිව වර්ෂ 2016 ක්වූ පෙබරවාරි මස 25 වන දින ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම පාබල නිවහන අධියර 3කින් නිම කිරීමට බලාපොරොත්තු වන අතර ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 30 කි. මෙහි පළමු අදියර යටතේ යුගල කාමර 5ක් සහ විශාල ප්‍රමාණයේ ශාලාවක වැඩ නිමකර ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආශීර්වාදයෙන් හිටපු පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් මගින් රැස්කරන ලද අරමුදල් මගින් හා පාබල සංගමයේ සාමාජිකයින්ගේ පරිත්‍යාග මගින් මෙම ඉදිකිරීම් සඳහා මූල්‍යමය ශක්තිය ලබාගෙන ඇති අතර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සෙබලුන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වය ලබාදී ඇත.

උත්සවශ්‍රීයෙන් සිදුකරන ලද පාබල නිවහන විවෘත කිරීමේ අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් එස්එම්ඒ ජයවර්ධන (විශ්‍රාමික) වීඑස්වී එන්ඩීසී පීඑස්සී, මේජර් ජෙනරාල් එන් මල්ලවාරච්චී (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, බ්‍රිගේඩියර් එස්කේජීඑන්බී ඇහැලමල්පේ (විශ්‍රාමික) ආර්එස්පී හා බ්‍රිගේඩියර් ජීකේ වික්‍රමසිංහ (විශ්‍රාමික)කේඑස්වී ඇතුලු පාබල සංගමයේ සාමාජිකයින් විශාල ප්‍රමාණයක් හා සම්භාවනීය අමුත්තන් සහභාගී වන ලදී.