Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th January 2019 16:56:10 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලද භෝජනාගාර සේවක වැඩමුළුව

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම අනුව ශ්‍රීලපාහ බළඇණි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන භෝජනාගාර සේවක මහතුන්ගේ වෘත්තිය දැනුම, ප්‍රායෝගික දැනුම හා ගුණාත්මක භාවය ඉහල නැංවිම සදහා පුහුණු වැඩමුළුවක් වර්ෂ 2019 ජනවාරි මස 15 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකා හෝටල් පාසැලේ ප්‍රවීණ දේශක අනුර දිසානායක මහතා විසින් මෙහෙයවනු ලැබු මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 06 ක්, භෝජනාගාර සේවක මහතුන් 54 ක් හා භෝජනාගාර කාර්ය්‍ය මණ්ඩල සාමාජිකයින් 10 ක් සහභාගිවු අතර මෙහිදි නිවැරදි භෝජනාගාර පිළිවෙත්, සංග්‍රහ විධික්‍රම සම්ප්‍රදායික පිළිවෙත් හා නවීන ක්‍රමයන් පිළිබදව දේශන, ප්‍රායෝගික නිදර්ශන සමගින් පැය 04 ක කාලයක් ඉක්මවා දැනුම බෙදාදි තම වගිකිම් හා කාර්ය භාරයන් පිළිබදව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.

මෙම වැඩමුළුව ක්‍රියාත්මක කිරිම මගින් භෝජනාගාර සේවක මහතුන්ගේ වෘත්තිය දැනුම, ප්‍රායෝගික දැනුම හා ගුණාත්මකභාවය ඉහල නංවා වඩාත් ඵලදායි, කාර්යක්ෂම හා සංග්‍රහශීලි සේවයක් ලබාගැනිම අපේක්ෂා කරන අතර, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ආරාධිත දේශක තුමන් වෙත කෘතවේදිත්වය පලකරමින් තිළිණයක් පිරිනැමිමෙන් පසු වැඩමුළුවේ නිමාව සනිටුහන් විය.