Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th January 2019 08:56:35 Hours

අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලියේ ශුරතාවය දිනාගත් ශ්‍රි ලංකා පාබල හමුදා ක්‍රිඩකයින්

යුද්ධ හමුදා එල්ලේ කමිටුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලිය වර්ෂ 2018 දෙසැම්බර් මස 27 දින සිට 31 දින දක්වා සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රිඩාපිටියේදී පවත්වන ලදී.

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මගපෙන්විම යටතේ හා ශ්‍රිලපාහ එල්ලේ ක්‍රිඩා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ අධික්ෂණ නිලධාරි බ්‍රිගේඩියර් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සෘජු අධික්ෂණය යටතේ මෙම තරගාලිය සදහා සහභාගිවු ශ්‍රිලපාහ එල්ලේ කණ්ඩායම එහිදි අති දක්ෂ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කරමින් පළමු තරඟයේ සිට අවසන් තරඟය දක්වා අපරාජිත බව රැකගනිමින් සමස්ථ තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට සමත්විය.

රෙජිමේන්තු 16 ක් නියෝජනය කරමින් ක්‍රිඩා කණ්ඩායම් ඉදිරිපත්වු මෙම තරඟාවලියේදී රෙම ශ්‍රිලකාහ, රෙම ශ්‍රිලංසංබ, රෙම ගරෙ, රෙම සබුබ, රෙම ඉසේරෙ යන කණ්ඩායම් සමග පැවති තරග පහසුවෙන් ජයගැනීමට සමත්වු ශ්‍රිලපාහ ක්‍රිඩකයින් අවසන් පුර්ව තරඟයේදී රෙම විපාරෙ කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබිය. අවසන් මහා තරගයේදී රෙම ශ්‍රිලසසබ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 04 කින් පහසුවෙන් පරාජය කරමින් 2018 වර්ෂයේ යුද්ධ හමුදා එල්ලේ ශුරතාවය දිනාගැනීමට ශ්‍රිලපාහ එල්ලේ කණ්ඩායම සමත් විය.

තරඟාවලියේ සමාප්ති දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ශ්‍රිලපාහ එල්ලේ කණ්ඩායම ජයග්‍රාහකයින් සදහා පිදෙන ශුරතා කුසලානය ලබාගන්නා ලදී. ශ්‍රිලපාහ එල්ලේ කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් සමස්ථ තරගාවලියේදී දක්ෂ ක්‍රිඩා කෙ!ශල්‍යලයක් පිළිඹිබු කල සෙ/ඩී101062 සාසෙ දිල්රැක්ෂ එන්ටීටී විසින් තරගාවලියේදී දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය දිනාගත් අතර, අවසන් මහා තරගයේදී විශිෂ්ඨ දස්කම් පෑ සෙ/ඩී101168 සාසෙ ලෙනෝරා ආර්එස්ඒ විසින් අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය දිනාගන්නා ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රිලපාහ එල්ලේ කණ්ඩායමේ පුහුණුවිම් අධික්ෂණ නිලධාරි වශයෙන් කටයුතු කරන 16 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් යුආර්එල් පෙරේරා ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.

2018 වර්ෂයේ යුද්ධ හමුදා එල්ලේ තරඟාවලියේ ශුරතාවය දිනාගනිමින් ශ්‍රි ලංකා පාබල හමුදවට මහත් කීර්තියක් ගෙන දුන් ශ්‍රිලපාහ එල්ලේ කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයින් හා අධික්ෂණ නිලධාරින් වෙත රෙජිමේන්තු අධිපති තුමන් ඇතුලු සියලු නිළයින්ගේ සුභාසිංශනය මෙසේ පිළිගන්වන්නෙමු.