Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd January 2019 17:30:06 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සම්මානනිය උත්තමාචාරයෙන් පිදුම් ලැබු සේනාවිධායක තනතුරෙන් නික්ම යන බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අනගිභවනීය සේවයක් ඉටු කල බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි එම තනතුරේ රාජකාරි නිමකොට යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි භාර ගැනිම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්ම යාම වර්ෂ 2019 ක්වු ජනවාරි මස 01 වන දින පෙරවරුවේ සිදුවිය.

වර්ෂ 2015 මැයි මස 14 වන දින 24 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි ආරම්භ කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එතැන් සිට රෙජිමේන්තු සම්ප්‍රදායන් ආරක්‍ෂා කරමින්, රෙජිමේන්තුව වෙත පැවරෙන රාජකාරින් හා කාර්යයන් මනා ලෙස කළමණාකරනය කර කාර්ය්‍යක්‍ෂම, සපලදායි හා ජීව ගුණයෙන් පිරි හමුදා සේවයක් සඳහා නිරතුරු කැපවී ක්‍රියා කල අතර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සියළු කටයුතු මෙහෙයවමින් පාබල හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකල මෙහෙවර විශිෂ්ඨ වේ.

වසර හතරකට ආසන්න දීර්ඝ කාලසීමාවක් වගකිම් සහගතව ගෞරවනීය රාජකාරියක් ඉටු කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම වෙනුවෙන් පවත්වන ලද උත්සව මාලාවේදී, ප්‍රථමයෙන් ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදි කඳවුරු මුරයක් ලබාදී පිළිගැනිමෙන් අනතුරුව අභිමානවත් සම්මාන පෙළපාලියක් පුදකරන ලදි. ඉන් පසු අභිමන් මුදුනත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරිමෙන් පසු රෙජිමේන්තු බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේදී තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් භඨ පිරිස් ඇමතිමේදී පාබල හමුදාවේ අභිමානය රැකගනිමින් කටයුතු කල යුතු ආකරය පිලිබඳව හරවත් දේශණයක් සිදු කල අතර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව හා සාර්ථකත්වය වෙනුවෙන් කැපවී රාජකරි කරනු ලබන සියලුම නිලධාරින් සෙසුනිලයින් වෙත තම කෘතඥතාවය පලකරන ලදි.

ඉන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට සමුදීම සඳහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වු සියළුම නිලධාරින් හා සෙසුනිලයන් තම සුභ පැතුම් පිළිගන්වමින් එතුමන්ගේ ඉදිරි යුද්ධ හමුදා ජිවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන ලදි.