Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

31st December 2018 21:19:58 Hours

පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය - 2018

මාතෘ භූමියේ ස්වෛරිභාවය වෙනුවෙන් සිය ප්‍රාණදානය කැපකල අභිත පාබල විරුවන්ගේ පවුල්වල සුභසාධනය සදහාත් කායදානය කැප කල හා දැනට සේවයේ නියුතු පාබල හමුදා සාමාජිකයින්ගේ සුභ සාධන කටයුතු පුළුල් කිරිම සදහා අරමුදල් රැස් කිරිමේ උදාර අරමුණින් වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩීසි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මග පෙන්විම යටතේ සංවිධානය වු ඉතා විචිත්‍රවත් අංගයන්ගෙන් පරිපුර්ණ මෙම දැවන්ත වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළියේ යුද්ධ හමුදා පිරික්සුමි පහන් සංදර්ශනය සදහා කමාන්ඩෝ රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන සුනඛ සංදර්ශනය, ශ්‍රී ලංකා විදුලි හා යාත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද වාහනයක් ගලවා කෙටි වේලාවකදි නැවත සවි කිරිමේ අංගය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් ඉදිරිපත් කරන ලද යතුරු පැදි සංදර්ශනය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ඉදිරිපත් කරන ලද කාලතුවක්කුවක් ගලවා කෙටි වේලාවකින් නැවත සවි කිරිමේ අංගය, යුද්ධ හමුදා අංගම්පොර සංදර්ශනය, පාබල හමුදා රෙජිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද තුර්ය වාදන සංදර්ශනය හා සරඹ සංදර්ශනය මෙය නැරඹිමට පැමිණි මහජනතාව වෙත නැවුම් අත්දැකිමක් එක් කිරිමට සමත් විය. තවද සන්නාහ සන්නද්ධ බලකායේ සන්නද්ධ රථ, කාලතුවක්කු රෙජිමේන්තුවේ කාලතුවක්කු හා පාබල හමුදා අවි ප්‍රදර්ශනය මහජනතාවගේ සිත්ගත් අංග වු අතර, මාරක ලිද, කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුම් ඇතුලු විනෝද ක්‍රීඩා රැසකින් සැණකෙළිය සමන්විත විය.

ප්‍රථම දින එනම් 2018 දෙසැම්බර් මස 28 දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික, ආරක්ෂීක සේනා මුලස්ථානය (කිලිනොචිචි) අඥාපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩඩ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිල‍ධාරි සහභාගි වු අතර, එදින රාත්‍රියේ සන්ෆලවර්ස් සංගිත කණ්ඩායමේ තත්සරයට මුසුවු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන නොයෙල් රාජ්, ප්‍රියංකර ‍පෙරේරා, අශාන් ප්‍රනාන්දු, ඉදුනිල් අන්ද්‍රමාන, උරේෂා රවිහාරි, සුප්‍රියා අබේසේකරගේ මියුරු නද සහ අලෙක්ස් විත් ඩෑෂ් නර්තන කණ්ඩායමේ විචිත්‍රවත් නර්තනය මෙය නැරඹිමට පැමිණි ජනතාව වෙත රසාස්වාදය ගෙන දිමට සමත්විය.

දෙවන දින එනම් 2018 දෙසැම්බර් මස 29 වන දින සමාත්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සැපමිනි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති හා ආරක්ෂක සේවා අණ සහ මණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩීසි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පාබල මේලා ලෙතරැයි ජයග්‍රහකයන් තෝරා ගැනිම සදහා දිණුම් ඇදිම සිදුකිරිම, කාය දානය කැපකල රණවිරුවන් පස්දෙනෙකු වෙත රෝද පුටු පරිත්‍යාග කිරිම, මතෘ භුමිය වෙනුවෙන් ප්‍රාණදානය කැපකල කෝප්‍රල් නිරෝෂන් කේඑස් රණවිරුවාගේ බිරිද එස් අනුලාවති මහත්මිය හා කාය දැනය කැපකල කෝප්‍රල් රංජිත් එස් රණවිරුවා වෙත අර්ධ නිවාස ඉදිකිරිම වෙනුවෙන් රුපියල් 500,000.00 බැගින් ප්‍රදානය කිරිම සහ පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරනු ලබන සුභසාධක කටයුතු පුළුල් කිරිම වෙනුවෙන් රුපියල් 5,000,000.00 ක මුදලක් ප්‍රදානය කිරිම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා හිටපු රෙජිමේන්තු අධිපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණිය, ශ්‍රී ලංකීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් සහ පරිත්‍යාගශිලින් සහභාගි විය. එදින රාත්‍රියේ දිවයිනේ ජනප්‍රිය සංගිත කණ්ඩායමක් වන සීදුව සකුරා සංගීත කණ්ඩායමේ තත්සර නාදයට ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් වන නිහාල් නෙල්ෂන්, ළහිරු පෙරේරා, රවීන් කණිෂ්ක, දිමන්ත වෙල්ලාලගේ, නදිනි ප්‍රේමදාස, අමිලා නදිශානිගේ මියුරු නාදය එක්වු අතර, අරුන්දති නර්තන කණ්ඩායම විසින් සැණකෙළිය විචිත්‍රවත් නර්තනයෙන් හැඩගන්වන ලදි.

මෙම දැකුම්කළු සැණකෙළිය නැරඹිම හා සංවිධානය සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙසැමේ ඇතුළු සෙසුනිළයින් විශාල ප්‍රමාණයක් සහභාගි වු අතර, දෙදිනක් පුරා හික්කඩුව මහජන ක්‍රීඩාංගණය කෙන්ද්‍ර කරගනිමින් දකුණු ලක අසිරිය මැවු පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළියේ සමාප්තිය මෙසේ සනිටුහන් විය.