Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th December 2018 12:53:09 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව මගින් සිදුකරන ලද තවත් මහගු සත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඒඩීකේ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිනි ධනංජනි කරුණාසේකර මැතිණියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව හා ඩයලොග් සමාගමේ මුල්‍ය පරිත්‍යානගයෙන් මොරගහහේන ප්‍රදේශයේ අසරණ පවුලක් වු රත්නමාලා මහත්මිය හා දුදරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසක් ඉදිකිරිමට මුල පුරන ලදී.

මෙම ඉදිකල නව නිවස වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ සුරතින් 2018.12.18 දින සුභ මොහොතින් උත්සවශ්‍රීයෙන් විවෘත කර නිවසේ යතුර භාරදෙන ලදී.