Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th October 2018 12:16:16 Hours

පාබල හමුදා රණවිරු සැමරුම් උළෙල - 2018

මාතෘභූමියේ ඒකීයභාවය හා චිරස්ථිතය උදෙසා යුධ බිමේදී වීර වික්‍රමාන්විත යුද මෙහෙයුම් මගින් සතුරු බලමුළු මුලිනුපුටා දමමින් අප්‍රතිහත ධෛර්යෙන් හා අසමාන සටන්කාමිත්වයකින් ලේ, දහඩිය වගුරවමින් සටන් වැද ජීව දානය කැපකරමින් යුද විජයග්‍රණයට උරදුන් අභීත පාබල හමුදා විරුවන් සදා අනුස්මරණය කිරිම වෙනුවෙන් 29 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමිව තෙවන වරට පවත්වන ලද රණවිරු සැමරුම් උළෙල 2018 ක් වු ඔක්තෝබර් මස 27 දින ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියසදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ගෞරවණීය ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්ප්‍රාත්තියෙන් ඇරඹි මෙම අභිමානවත් රණවිරු සැමරුම් උළෙලේ දී, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාභිමානය රකිමින් 1900 වර්ෂයේ සිට මානුෂිය මෙහෙයුම දක්වා රට දැය වෙනුවෙන් ප්‍රාණ දානය ලබාදෙමින් මිහිතලය සිපගත් නිලධාරින් 168 ක් හා සෙසුනිලයින් 3700 ක් වෙත පුෂ්පෝපහාර පුදමින් කෘතවේදිත්වය හා උපහාරය පුදකරන ලදී.

යුද්ධ හමුදාවේ ජීවගුණය ආරක්ෂා කරමින් විචිත්‍රවත් ලෙස පැවති මෙම රණවිරු සැමරුම් උළලේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින්, ස්වකීය පෞද්ගලික අභිලාෂ පසෙකලා මාතෘභූමිය හා වෘත්තිය අභිමානය පෙරටුකරගනිමින් අද්විතීය යුග මෙහෙවරක් ඉටුකර ශ්‍රේෂ්ඨත්වයට පත් ඒ විරෝධාර රණවිරුවන් ඇගයිම සිදුකල අතර, එය මේ අවස්ථාව සදහා සහභාගි වන ලද දෙදහසක් පමණ වු රණවිරු ලගම ඥාතින් සංවේදිත්වයට පත්කල අවස්ථාවක් විය. මෙම උත්සව අවස්ථාව සදහා විශ්‍රාමික පාබල හමුදාධිපති වරුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙසැමේ ඇතුලු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.

මෙදින රාත්‍රියේ ඉතාමත් අලංකාර මල් පෙරහැරකින්, දසතහැමු සුවඳ ධුපයන් මධ්‍යයේ සධාතුක කරඩුව වඩම්මවා මියගිය රණවිරුවන් හට පුන්‍යානුමෝදනා සිදුකිරිම සදහා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලද අතර, රෙජිමේන්තු හා ඒකක වර්ණ ධජ වෙත සහ රෙජිමේන්තු මංගල හස්ථියා වෙත ආශිර්වාදය පුද කරන ලදී. පසුදින සංඝයා වහන්සේලා 29 ක් විෂයෙහි සංඝගත දක්ෂිනාවක් පැවත්විමෙන් පසු රණවිරු සැමරුම් උත්සව මාලාවේ සමාප්තිය සනිටුහන් විය.