Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th October 2018 17:28:13 Hours

සේවා වනිතා ශාඛාවේ තවත් මහගු සත්කාරයක්

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනය වන තුෂාරි කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනයට සමගාමිව හෝමාගම මීගොඩ ප්‍රදේශයේ පිහිටි මහාබෝධි ළමා නිවාසයේ ළමුන් හට සවස තේ පැන් සංග්‍රහයක් හා ප්‍රණිතවත් රාත්‍රි ආහාර වේලක් ලබාදුන් අතර, එදින සවස් කාලයේ ළමුන්ගේ රසාස්වාදය වෙනුවෙන් කැලිප්සෝ සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදී. තවද මෙම ළමා නිවාසයේ ප්‍රයෝජනය සදහා සනීපාරක්ෂක භාණ්ඩ පරිත්‍යාග කළ අතර, මෙම මහගු කාර්ය සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වන ලදී.