Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd October 2018 17:37:26 Hours

29 වසරක අභිමානය සැමරු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජණියගේ පැසසුමට මෙන්ම මෙරට රාජ්‍ය නායකයින්ගේ ගරුබුහුමනට පත්‍රවෙමින් රාජිණී වර්ණ හා ජනාධිපති වර්ණයෙන් පිදුම්ලද ශ්‍රි ලංකා ධරණීතලයේ බිහිවු ප්‍රථම ඉපැරණි රෙජිමේන්තුව වු ශ්‍රී ලංකා පාබල හමුදාව සිය අභිමානවත් 29 වන සංවත්සරය 2018 ක් වු ඔක්තෝබර් මස 23 දින ඉතා උත්සවශ්‍රියෙන් සමරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය පිහිටුවිම සදහා 1989 ජුනි මස 30 දින යුද්ධ හමුදා විශේෂ නියෝග නිකුත් කිරිමෙන් පසු පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබු භූමියේදී වර්ෂ 1989 ක් වු ඔක්තෝබර් මස 23 දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර, එදා මෙදා තුර 'සේවය කරමි' යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය ආරක්ෂා කිරිම වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි.

රෙජිමේන්තු 29 වන සංවත්සරයෙහි මුලාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදි කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු වර්ණ ධජ ඝන 03 ක්, නිලධාරින් 24 හා මංගල හස්ථියා ඇතුලු සෙසුනිලයන් 485 කින් සමන්විත අභිමානවත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී. අනතුරුව 2016 හා 2017 වර්ෂයන්හි පැවති පාලන පරික්ෂාවෙන් තෝරාගන්නා ලද නිත්‍ය හා ස්වේච්ජා බළඇණි වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරිම සිදු කරන ලද අතර, එහිදි 2016 වර්ෂයේ නිත්‍ය ඒකක අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් 11 ශ්‍රීලපාහ, දෙවන ස්ථානය දිනාගත් 26 ශ්‍රීලපාහ සහ ස්වේච්ජා ඒකක අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් 5 (සෙව්) ශ්‍රීලපාහ, දෙවන ස්ථානය දිනගත් 16 (සෙව්) ශ්‍රීලපාහ වෙත කුසලාන හා සහතිකපත් පිරිනමන ලද අතර, 2017 වර්ෂයේ නිත්‍ය ඒකක අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් 11 ශ්‍රීලපාහ, දෙවන ස්ථානය දිනාගත් 7 ශ්‍රීලපාහ සහ ස්වේච්ජා ඒකක අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් 14 (සෙව්) ශ්‍රීලපාහ, දෙවන ස්ථානය දිනගත් 5 (සෙව්) ශ්‍රීලපාහ වෙත කුසලාන හා සහතිකපත් පිරිනමන ලදී. ඉන්පසුව 2018 වර්ෂයේ අන්තර් ඒකක සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත් 26 ශ්‍රීලපාහ ඒකකය, දෙවන ස්ථානය දිනාගත් 6 ශ්‍රීලපාහ ඒකකය, හොදම ඛණ්ඩභාර නිලධාරි 26 ශ්‍රීලපාහ ඒකකයේ නි/69364 කපිතන් කේබිවිඑස්විවි බණ්ඩාර ශ්‍රීලපාහ, හොදම සරඹ උපදේශක 26 ශ්‍රීලපාහ ඒකකයේ සෙ/330718 බනි 11 චින්තක පි හා හොදම පියවර කෝදු සරඹ ඛණ්ඩය වු 10 ශ්‍රීලපාහ ඒකකය වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, 2018 වර්ෂයේ ඉන්දුනිසියාවේ පැවති තුන්වන ආසියානු පැරා ක්‍රීඩා උළලේ දි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නව අසියානු පැරා වාර්ථාවක් සමගින් රන් පදක්කම් දෙකක් දිනාගත් රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ සෙ/333793 සාසෙ අමිල ප්‍රසන් ඩබ්ලිව් හා රිදි පදක්කමක් දිනාගනිමන් විශිෂ්ඨ දක්ෂතා දැක්වු සෙ/216877 කෝප්‍රල් ඉන්දික එම්ජීඑම් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවෙන් මුල්‍යමය ත්‍යාග හා ප්‍රණාම සහතිකපත් ප්‍රදානය සිදුකරන ලදී. අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් විසින් සියළු නිලයන් අමතමින් කාලෝචිත හරබර දේශණයක් පවත්වන ලදී.

29 වන රෙජිමේන්තු සංවත්සරයට සමගාමිව රෙජිමේන්තු නිලධාරි නිවස්න භූමියේ විචිත්‍රිවත් ගෘහ නිර්මාණකරනයට අනුව ශ්‍රීලපාහ හා ඉසේරෙ සෙනීන්ගේ පුර්ණ ශ්‍රම දායකත්වයෙන් සියළුම ජෙනරාල් වරුන් වෙනුවෙන් ඉදිකරන ලද 'ජෙනරාල් නිවස්නය' රෙජිමේන්තු අධිපති තුමාගේ සුරතින් විවෘත කරන ලද අතර, ඉන්පසු රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රමුඛව පැවැති සියළු නිල දිවා භෝජන සංග්‍රහයෙන් පසු සංවත්සර දිනයේ නිමාව සනිටුහන් විය. මෙම සංවත්සර දින සැමරුම් උත්සවය සදහා රෙජිමේන්තු මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙසැමේ ඇතුලු සෙසුනිලයන් විශාල ප්‍රමාණයක් සහභාගි වු අතර, සංවත්සර සැමරුම මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම අනුව නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සෘජු අධීක් ෂණය යටතේ සිදුකරන ලදී.