Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th October 2018 12:37:44 Hours

ශක්තිවන්තම කණ්ඩායම තේරීමේ තරගාවලිය - 2018

4 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් අයිආර් හේවාපතිරන ආර්එස්පි ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ඒකකයේ සෙබලුන්ගේ සාමුහිකව ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය කිරිම හා ඔවුන්ගේ ශක්තිවන්තභාවය පිරික්ෂීමේ අරමුණින් අන්තර් කණ්ඩායම් අතුරින් ශක්තිවන්තම කණ්ඩායම තේරීමේ තරගාවලියක් 2018.09.15 වන දින දියගම ජාත්‍යඅන්තර ක්‍රිඩා සංකීර්ණ භූමියේදි පවත්වන ලදි.

එම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද, ඒකක අණදෙන නිලධාරි ඇතුලු නිලධාරින්, ජ්‍යෙකොනොනි, කොනොනින් සහ සෙනින් ද සහභාගි විය.

ක්‍රිඩා තරගාවලිය ආරම්භයට ප්‍රථම කෝප්‍රල් පියසෝම කොනොනි විසින් ක්‍රිඩා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව අභියෝගාත්මක ක්‍රිඩා ඉසව් හයකින් සමන්විත ශක්තිවන්තම කණ්ඩායම තේරීමේ තරගයේ පළමු තරග ඉසව්ව වශයෙන් කි.මී. 30 ක් දුර පාපැදි ධාවන තරගය පවත්වන ලදි. මීළග තරග ඉසව් වශයෙන් කි.මී. 2.4 ක දුර දිවීම, ගිලන් මැසි මගින් තුවාල කරුවන් මී. 400 ක් දුර රැගෙන යාම, මී. 100 ක් ලොරි රථය තල්ලු කිරීම, මීටර් 100 ක් ට්‍රැක්ටර් රථය තල්ලු කිරීමෙන් පසු මී. 100 දුර පිහිණුම් තරග ඉසව්වෙන් ශක්තිවන්තම කණ්ඩායම තේරීමේ තරග ඉසව් අවසන් විය.

ඒකකයේ අනෙකුත් කණ්ඩායම් අභිබවමින් ශක්තිවන්තම කණ්ඩායම වශයෙන් සමස්ථ තරගාවලියේ ශූරතාවය ‘ඒ’ කණ්ඩායම විසින් ලබාගත් අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි හිටපු අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ජයග්‍රාහි කණ්ඩායම වෙත ජය සංකේත පිරිනැමීම සිදුවිය.

සෙබලුන්ගේ සාමුහිකව ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය කිරීම හා ඔවුන්ගේ ශක්තිවන්තභාවය පිරික්සීමේ අරමුණින් තරග ඉසව් 06 කින් යුතුව පැවැත්වු තරගාවලියේ අවසන් අධියර වශයෙන් එදිනම රාත්‍රියේදි අප ඒකකයේ මහත් සම්පතක් වන චතුරංග අධි රිද්ම සංගීත කණ්ඩායම විසින් පැවැත්වූ සංගීත ප්‍රසංගයෙන් පසු ශක්තිවන්තම කණ්ඩායම තේරීමේ තරගාවලිය නිමා විය.