Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th October 2018 14:02:08 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 69 සංවත්සරය රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ඉතා අභිමානවත් ලෙස සමරයි

දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරිමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකරන විජයග්‍රාහි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරය, රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2018.10.10 වන දින ඉතා අභිමානවත් ලෙස සමරන ලදී. මෙම සැමරුම් උළෙල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මාර්ගෝපදේශය මත සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකරන ලදී. මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හා නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් යුද්ධ හමුදා ධජය හා ශ්‍රී ලංකා පාබල හමුදා ධජය එසවිමෙන් සැමරුම් උළෙල ආරම්භ කළ අතර, යුද්ධ හමුදා ගීතය හා ශ්‍රී ලංකා පාබල හමුදා ගීතය ගායනය කිරිමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන් 69 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් නිකුත් කරන ලද සුභාශිංසන පනිවුඩය ප්‍රකාශ කරන ලදී. 69 වන යුද්ධ හමුදා දිනය සිහි විම වස් සේනාවිධායක තුමා විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන භූමියේ අඹ පැලයක් රෝපණය කළ අතර, භඨ පිරිස් විසින් ශ්‍රමදාන හා ආගමික කටයුතු සිදු කිරිමෙන් අනතුරුව සංවත්සර දිනයේ නිමාව සනිටුහන් විය. මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙසැමේ ඇතුලු සෙසුනිලයින් විශාල සංඛ්‍යාවක් සහභාගි වන ලදී.