Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th September 2018 18:27:12 Hours

ශ්‍රීලපාහ හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව - 2017

තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් වඩා සාර්ථක බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්‍රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.09.19 වන දින 9 (සෙව්) ශ්‍රීලපාහ හා 4 ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින්ද 2018.09.20 දින 8 ශ්‍රීලපාහ හා 2018.09.21 දින 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකක පරික්ෂාවට ලක් කරමින් අරම්භ කල අතර, මෙම පාලන පරික්ෂාව සඳහා 2017 වර්ෂයේ ශ්‍රීලපාහ හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂා කමිටු සභාපති බ්‍රිගේඩියර් එම්ඩි විජේසුන්දර ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හා රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින්, ජ්‍යෙකොනොනින් හා කොනොනින්ගෙන් සැදුම්ලත් පරික්ෂක මණ්ඩලය සහභාගි වන ලදී.

2017 වර්ෂයේදි ඒකකයන් විසින් සිදුකරන ලද ක්‍රීයාකාරකම්, පාලන කටයුතු, සුභසාධක කටයුතු, රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්‍රීයාත්මක කරන වැඩසටහන් සදහා දක්වන ලද දායකත්වය හා ඒකකයේ අනාගත සැලසුම් පිළිබද ඇගයිමට ලක් කිරිම මෙම පරික්ෂණයේදි සිදුකරන ලදී. පරික්ෂාවට ලක් කරන ලද ඒකකයන් හි අණදෙන නිලධාරින් විසින් තම කදවුරු පරිශ්‍රය වෙත පැමිණි පරික්ෂා කමිටු සභාපති තුමා ඇතුලු කමිටු සාමාජිකයින් ඉතා ගෞරවාන්විතව පිළිගැනිමෙන් පසු ඒකකය හා එහි ක්‍රීයාකාරකම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරිම සිදුකල අතර, ඉන් අනතුරුව පාලන පරික්ෂා කමිටුව විසින් තම විෂයන් පිළිබදව පරික්ෂා කිරිම සිදු කරන ලදී. පරික්ෂා කිරිම් අවසානයේදි ඇගයිමට ලක් කරන ලද විෂයන් හි පැවති අඩුලුහුඩුකම් හා සාර්ථක කර ගැනිම සඳහා ගත යුතු ක්‍රීයාමාර්ග පිළිබදව පසුකථනයක් සිදු කරන ලදී.