Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st September 2018 13:30:05 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු නිල වශයෙන් සිදුකරනු ලබන බලඇණි සංචාරය 2018.09.18 දින ආසේමු (යා) බලප්‍රදේශයෙන් ආරම්භ කරන ලදී. බලඇණි සංචාරය ආරම්භ කරමින් කන්කසන්තුරෙයි වර්තවිලාන් ප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රීලපාහ බලඇණි මුලස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්, 11 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 2 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි හා 16 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි විසින් ගෞරවාන්විතව පිළිගන්නා ලදී. ප්‍රථමයෙන් ඒකක අණදෙන නිලධාරි විසින් තම බලඇණි පිළිබදව විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරිම සිදුකල අතර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිද මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදී. රෙජිමේන්තු අධිපති තුමන් විසින් බලඇණි වෙතින් සහභාගි වන ලද 18 X 200 ක් සදහා භඨ පිරිස් ඇමතිම සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සදහා සහභාගි වු නිලධාරින් සමග සමුහ ජායාරූපයකට පෙනිසිටි රෙජිමේන්තු අධිපති තුමන් සියලු නිල තේ පැන් සංග්‍රහය භූක්ති විදිමෙන් පසු ආසේමු (කිලි) බලප්‍රදේශයේ ස්ථානගත ශ්‍රීලපාහ බලඇණි සංචාරය සදහා නික්ම යන ලදී.

කිලිනොච්චි කනකපුරම් ප්‍රදේශයේ පිහිටි 7 ශ්‍රීලපාහ මුලස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් 7 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 10 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 19 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 20 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි හා 21 (සෙව්) ශ්‍රීලපාහ දෙවන අණදෙන නිලධාරින් විසින් මහත්හරසරින් පිළිගන්නා ලදී. ප්‍රථමයෙන් ඒකක අණදෙන නිලධාරින් විසින් තම බලඇණි පිළිබද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරිම සිදු කල අතර, රෙජිමේන්තු අධිපති තුමන් විසින් බලඇණි වෙතින් සහභාගි වන ලද 20 X 195 ක් සදහා භඨ පිරිස් ඇමතිම සිදු කිරිමෙන් පසු ආසේමු (මුලතිව්) ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රීලපාහ බලඇණි සංචාරය සදහා පිටත්ව යන ලදී. මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් (ප්‍රමානි) බ්‍රිගේඩියර් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදී.

මුලතිව් වඩ්ඩුවාකල් ප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රීලපාහ මුලස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් 12 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 1 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි හා 23 ශ්‍රීලපාහ වැඩබලන අණදෙන නිලධාරින් විසින් මහත්හරසරින් පිළිගන්නා ලදී. ප්‍රථමයෙන් ඒකක අණදෙන නිලධාරින් විසින් තම බලඇණි පිළිබද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරිම සිදුකරන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ගේ කදවුරු සංචාරය සිහිකිරිම වස් කදවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කිරිමෙන් අනතුරුව බලඇණි වෙතින් සහභාගි වන ලද 19 X 198 ක් සදහා භඨ පිරිස් ඇමතිම සිදුකරන ලද අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මුලතිව් ප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රීලපාහ බියුගල් නෙස්ට් නිවාඩු නිකේතනය නිරික්ෂණය කර ආසේමු (නැ) ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රීලපාහ බලඇණි සංචාරය සදහා නික්ම යන ලදී. මෙම අවස්ථාව සදහා 59 සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිආර් වනිගසුරිය යුඑස්පි එන්ඩියු යුඑස්ඒසිජිඑස්සි, 64 සේමු සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස්, 591 බසේමු බලසේනාධිපති කර්නල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදී.

2018.09.19 වන දින ත්‍රිකුණාමලය මොල්ලිපොතාන ප්‍රදේශයේ පිහිටි 15 ශ්‍රීලපාහ මුලස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් ඒකක අණදෙන නිලධාරින් විසින් ගෞරවාන්විතව පිළිගැනිමේන් පසු අණදෙන නිලධාරින් විසින් තම බලඇණි පිළිබද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරිම සිදුකල අතර. රෙජිමේන්තු අධිපති තුමන්ගේ භඨපිරිස් ඇමතිම වෙනුවෙන් 10 X 150 ක් සහභාගි වන ලදි. මෙම අවස්ථාවේදි අණදෙන නිලධාරින් විසින් රෙජිමේන්තු ප්‍රයෝජනය සදහා ලැප්ටෝප් පරිගණක යන්ත්‍ර 15 ක් පරිත්‍යාග කිරිම සිදුකල අතර, රෙජිමේන්තු අධිපති තුමන් වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ගේ කදවුරු සංචාරය සිහිකරිම වස් කදවුරු භූමියේ සදුන් පැලයක් රෝපණය කිරිමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහය සදහා සහභාගි විමෙන් අනතුරුව නිලධාරි නිවස්නයේ නවතමයෙන් ස්ථානපනය කරන ලද පූල් ටේබල් (Pool Table) විවෘත කිරිම සහ තඹලගමුව ප්‍රදේශයේ පිහිටි ඒකක බි කණ්ඩායමේ නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භඨ නිවාසය විවෘත කිරිම සිදු කරන ලදී. මෙම අවස්ථාවේදි ඒකක අණදෙන නිලධාරින්ගේ අනුග්‍රහයෙන් තඹලගමුව ජයපුර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත්දෙනෙක් වෙත ලැප්ටොප් පරිගණක 07ක් පරිත්‍යාග කිරිම රෙජිමේන්තු අධිපති තුමන්ගේ ප්‍රධානවත්යෙන් රෙජිමේන්තු සේනාවිධායක තුමන් සහ 224 බසේමු බලසේනාධිපති කර්නල් ඊඒපි එදිරිවීර ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කිරිමෙන් අනතුරුව ආසේමු (වන්නි) බල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රීලපාහ බලඇණි සංචාරය සදහා පිටත්ව යන ලදී.

අනුරාධපුර මිහින්තලේ පිහිටි 6 ශ්‍රීලපාහ මුලස්ථානය වෙත පැමිණ රෙජිමේන්තු අධිපති තුමන් 24 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 26 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 6 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 25 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි හා 14 (සෙව්) ශ්‍රීලපාහ දෙවන අණදෙන නිලධාරින් විසින් ඉතා හරසරින් පිළිගන්නා ලදී. ප්‍රථමයෙන් අණදෙන නිලධාරින් විසින් තම බළඇණි පිළිබදව විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරිම සිදු කිරිමෙන් පසු රෙජිමේන්තු අධිපති තුමන්ගේ කදවුරු සංචාරය සිහිවිම වස් කදවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කරන ලදී. රෙජිමේන්තු අධිපති තුමන්ගේ භඨපිරිස් ඇමතිම සදහා බළඇණි වෙතින් 28 X 250 ක් සහභාගි වු අතර, ඉන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා 61 සේමු කර්නල් (ප්‍රමානි) කර්නල් කේඑල්එස්එස් ලියනගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදී. දිවා ආහාරයෙන් පසු රෙජිමේන්තු අධිපති තුමන් නික්ම යන ලද අතර, රෙජිමේන්තු අධිපති තුමන්ගේ බලඇණි සංචාරයේ නිමාව සනිටුහන් විය.