Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th July 2018 17:15:18 Hours

දිවයිනට පැමිණි ඇමරිකානු යුද්ධ හමුදාවේ ආසියානු පැසිෆික් කලාපීය අණදෙන ජෙනරාල් හට ශ්‍රී ලංකා පාබල හමුදා අභිමානවත් උත්තමාචාරයක්

ඇමරිකානු යුද්ධ හමුදාවේ ආසියානු පැසිෆික් කලාපීය අණදෙන ජෙනරාල් වශයෙන් රාජකාරි කරනු ලබන රොබට් බ්‍රවුන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 ජූලි මස 21 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකාව තුල සංචාරයක නිරතවන ලදී. ඔහු සහභාගිවූ වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස යුද්ධ හමුදාධිපති සමඟ සාකච්ඡාවක් සඳහා 2018 ජූලි 23 වන දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් එතුමන් වෙත අභිමානවත් කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු වර්ණ ධජ හා මංගල හස්ති රාජයා ප්‍රමුඛ නිලධාරින් දෙදෙනෙක් සහ සෙසු නිලයින් 48 දෙනෙක්ගෙන් සමන්විත අභිමානවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල හස්තියා වෙත රසවත් පළතුරු වලින් සංග්‍රහ කරන ලදී. එමෙන්ම කඳවුරු මුරය හා සම්මාන පෙළපාලිය ජෙනරල් රොබට් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්වූ අතර, සම්මාන මුරයේ අණදෙන්නා, කඳවුරු මුරයේ අණදෙන්නා සහ රෙජිමේන්තු සැරයන් මේජර් වෙත තිළිණ ප්‍රදානයක් ද සිදුකරන ලදී.