Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th June 2018 11:55:54 Hours

රෙජිමේන්තු නිලධාරි පුහුණු දිනය

ශ්‍රී ලංකා යුද හමුදාවේ සෑම රෙජිමේන්තුවකටම අයත් නිලධාරීන් සඳහා වසරකට පුහුණු දිනයන් හතරක් එක් එක් රෙජිමේන්තු මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස යුද හමුදා මූලස්ථානය වෙතින් උපදෙස් ලබාදී ඇති අතර, එම පුහුණු සැළසුමට අනුව 2018 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් ශ්‍රීලපාහ බළඇණි සහ අරෙසේ යාකිරීම් මත සිටින ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා කණිෂ්ඨ නිලධාරීන් 195 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2018 ජූනි මස 14 වැනි දින රෙජිමේන්තු අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි පුහුණු දිනය රෙජිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී රෙජිමේන්තු අධිපතිතුමන් විසින් පැමිණි සිටි සියලුම නිලධාරීන් හට මෙම පුහුණුවීම් දිනයෙහි අරමුණ පැහැදිළි කරදීමෙන් අනතුරුව නිලධාරීන්ගේ යුද හමුදාවේ ඉදිරි අනාගතය සැළසුම් කර ඇති ආකාරය හා වෘත්තීය හැකියාවන් වර්ධනය කරගතයුතු ආකාරය පැහැදිලි කරමින් අපේක්ෂිත ප්‍රමිතිය වර්ධනය කිරීම සඳහා නිසි මග පෙන්වීම හා පුහුණුව තුලින් ඉටුකල හැකි සංකල්පමය ක්‍රියාවලියක් බවත්, එ සඳහා මූලික පාඨමාලා, ද්විතීක පාඨමාලා හා උසස් පුහුණු පාඨමාලා මගින් භාෂාව, පෞද්ගලික හැකියාවන්, දැනුම, නායකත්ව ගුණාංග වර්ධනය කර වෘත්තිමය නිලධාරියෙකු බිහිකල හැකි බවත් සඳහන් කරමින් හරවත් දේශනයක් පැවැත්විය. ඉන් පසු ලුතිතන් කර්නල් එම්ඩීඑස්එන් සුභාෂ් කරුණාරත්න පීඑස්සී විසින් නිලධාරීන්ගේ වාර්ෂික රාහස්‍ය වාර්තා සකසන ආකාරය සහ නිලධාරීන්ගේ වෘත්තීය මාර්ගෝපදෙශකත්වය පිළිබඳවත්, දැනට නිලධාරින්ගේ උසස්වීම් හා තනතුරුවලට පත් කරන ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී.

එදින සන්ධ්‍යාවේ නිලධාරින් සඳහා සන්ධ්‍ය ක්‍රීඩා පැවැත්වීමෙන් පසු රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ ආරාධිත දේශකයෙකු වශයෙන් පැමිණි මහාචාර්ය හරේන්ද්‍ර විදානගේ මහතා විසින් ගෝලීය ආරක්ෂක පරිසරය යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් පවත්වැත්වීය. එහිදී වර්තමාන ලෝකයේ ආරක්ෂක තත්වය, මහද්වීපවල තම ඉදිරි ආරක්ෂක සැළසුම් සකස් කිරීමේදී දේශපාලනයේ ඇති වැදගත්කම සහ එය ඉටුකර ගැනීමේදී පසුගිය දශකවල ලද අභියෝග වලට බලපාන වැදගත් කරුණු වන බව පෙන්වාදෙන ලදී. අවසානයේ පුහුණු දිනයට සහභාගී වූ සියලුම නිධාරින් හා ආරාධිත දේශකයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා සාර්ථක පුහුණු දිනයක නිමාව සනිටුහන් කරන ලදී.