Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th May 2018 17:50:48 Hours

රණවිරු අනුස්මරණ උත්සවය - 2018

දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය වෙනුවෙන් කුරිරු ත්‍රස්තවාදීන් සමඟ සටන් වැද මාතෘභූමියට සාමය උදාකරලීම උදෙසා ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් තම ප්‍රාණදානය කැප කළ නිලධාරි 168 දෙනෙක් හා සෙසුනිලයින් 3700 දෙනෙකු ඇතුලු අභීත රණවිරුවන් සදා අනුස්මරණය කිරීම සඳහා රාජ්‍ය රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද රණවිරු සැමරුම් උළෙල 2018.05.18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ "අභිමන් මුදුණත" රණවිරු ස්මාරකය අභියස අභිමානවත් අන්දමින් පවත්වන ලදී.

මෙම විරු සැමරුම් උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පැමිණි අතර, එතුමා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විසින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියස ජාතික කොඩිය, යුද හමුදා කොඩිය, රෙජිමේන්තු කොඩිය එසවිමෙන් හා ජාතික ගීය, යුද හමුදා ගීතය හා පාබල හමුදා ගීතය ගායනා කිරිමෙන් අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් විසින් රණවිරු ස්මාරකයට මල් කලඹක් තබා මියගිය රණවිරුවන් සිහිකරමින් ඔවුන් හට ශ්‍රී ලංකා පබාල හමුදාවේ උපහාරය පුදකරන ලදී. ඉන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි විසින් යුධ හමුදාධිපති තුමාගේ රණවිරු සැමරුම් දින පණිවිඩය කියවීමෙන් අනතුරුව ප්‍රාණදානය ලබාදුන් රණවිරුවන්ගේ වීර රාවය ජාතියට හඩගා කියන මෙම රණවිරු ස්මාරකය ඔවුන් මතකාවර්ජනයකොට උපහාර පිදිම ජාතියේ මෙන්ම අප සියලු දෙනාගේම පරම වගකීමක් බවත්, ඔවුන් සිදුකලා වු ප්‍රාණදානය හේතුකොටගෙන පමනක්ම ඔබ අප භුක්තිවිදින්නා වු මෙම නිදහස ලක්ධරණි තලය වෙත උදාවී ඇති බවත්, ගෙවීගිය තිස් වසරකට ආසන්න කාලයක් පුරාවට රටට එල්ලවූ විවිධ තර්ජන හා අභියෝග වලදී මාතෘ භූමියේ සවෛරීත්වය, භෞමික අඛණ්ඩතාව මෙන්ම ජන ජීවිත වල සුරක්‍ෂිතතාව වෙනුවෙන් ශ්‍රි ලංකා පාබල හමුදාව විසින් ඉටුකරනු ලැබූ සේවාව හා එහිදී ජිවිත පරිත්‍යගයෙන් යුතුව නොපැකිළිව සිදුකරන ලද පුරෝගාමි මෙහෙවර සදහන් කරමින් රෙජිමේන්තු අධිපති තුමා විසින් රණවිරු සැමරුම් උත්සවය අමතා ප්‍රාණදානය කැපකලාවු සියලුම විරුවන් හට සිය ගෞරවණීය ආචාරය පිළිගන්වන ලදී.

ඉන් අනතුරුව සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු යුද්ධයට තම කායදානය පුදකල අභීත රණවිරුවන් හා දැනට සේවයේ යෙදි සිටින රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහය භුක්ති විඳින ලදී.

මෙදින සන්ධ්‍යාභාගයේ අප රෙජිමේන්තු විහාරස්ථානයේදී පුජ්‍ය පාදුක්ක බටවල ශ්‍රී සුගත ගුණවර්ධන සේනාධිපති ගෞරව ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය දික්පිටිගොඩ සෝම ශාන්ත හිමි විසින් මියගිය රණවිරුවන් හට පිං පමුණුවමින් හා අබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන්ට ඉක්මන් සුවය පතමින් සියලුම රණවිරුවන් හට දිර්ඝායුෂ පතමින් බෝධිපුජාවක් පවත්වා මෙම පිංකමට සහභාගි වු සේවයේ යෙදි සිටින රණවිරුවන් හට ධර්මදේශණයක් පවත්වන ලදී.