Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

ගෞරවනීය කාර්යභාරය

“අභිමන් මුුදුනත”
රණවිරු ස්මාරකය

යුද්ධය ජයගත් සහෝදර රණවිරුවන් සදා සමරණුවස් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව දශක තුනකට ආසන්න කාලයක් පැවති රුදුරු ත්‍රස්ථවාදී යුද්ධයට ඝෘජුවම දායකත්වයක් සපයා ත්‍රස්ථවාදීන් පරාජය කිරීමට උරදුන් රෙජිමේන්තුවක් වන අතරම, ඒ වෙනුවෙන් රෙජිමේන්තුවට අයත් නිලධාරින් 159ක් සහ සෙසුනිලයන් 3582ක් තම ජිවිතය මව්බිම වෙනුවෙන් පූජා කල අතර තවත් සැලකිය යුතු නිලධාරී" සෙසුනිලයන් පිරිසක් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයන්ට පත්ව ඇති බව ගෞරවාන්විතව සිහිපත් කරන අතර, ඔවුන්ගේ ජීවිත පූජාව හා කැපවීමට දක්වන ගෞරවයක් සහ කෘතගුණ සැලකීමක් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාව තුල දකුණු ආසියාවේ විශාලතම රණවිරු ස්මාරකය රණවිරු ස්මාරකය ඉදිකිරීම අරඹන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවට 2009.10.23 වන දිනට පුරා වසර 20 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් එවකට රෙජිමේන්තු අධිපතිව සිටි මේජර් ජෙනරල් ආර්එම්ඩී රත්නායක ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී තුමාගේ සංකල්පයකට අනුව රණවිරු ස්මාරකයේ මුල්ගල තැබීම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමන් සුරතින් සිදුවිය.

මෙම රණවිරු ස්මාරකයේ ඉදිකිරීමේ විශේෂත්වය වනුයේ 90% ක්ම ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබුයේ මෙම රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් වීමයි. 2015'10'26 දින අතිගරු ජනාධිපතිතුමන් සුරතින් ශ්‍රීලපාහ රණවිරු ස්මාරකය විවෘත කරන ලදී.