Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th March 2018 11:30:25 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාවෙන් නික්ම යන ගරු සභාපතිනි ධනංජනි කරුණාසේකර මැතිණිය

2007.05.20 - 2009.07.27 හා 2013.08.15 - 2018.03.24 දින දක්වා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වශයෙන් වසර 7 ක පමණ කාලයක් පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙත අනගි සේවයක් ඉටුකර 2018.03.13 වන දින සේවා වනිතා ශාඛාවෙන් නික්ම යන ධනංජනි කරුණාසේකර මැතිණිය හට සමුදීමේ සුහද හමුවක් 2018.03.24 වන දින වත්මන් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන තුෂාරි කුලතුංග මැතිණිය සහ සාමාජිකාවන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී.

එහිදි ධනංජනී කරුණාසේකර මැතිණිය මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වශයෙන් කටයුතු කල කාලයතුල මෙම රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරි හා සෙසුනිලයින් වෙත විවිධ අවස්ථාවන්හිදී කරනු ලැබු උපකාරයන් පිළිබඳව ආවර්ජනය කල අතර, මියගිය හා ආබාධිත තත්වයට පත්වුවන් හට ඉටුකරනු ලැබු සේවාවන් ඇගයිමකට ලක් කරන ලදී. තවද මෙතුමියගේ මගපෙන්වීම හා මුලිකත්වය මත රණවිරුවන් වෙත ලබාදුන් නව නිවාස, වෛද්‍යධාර රණවිරු පවුල්වල දු දරුවන් හට ශිෂ්‍යත්ව ලබා දීම පිළිබඳව කෘතඥතාවය පලකරන ලදී. මෙම මැතිණිය විසින් රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙත ඉටුකරනු ලැබු විශිෂ්ඨ සේවය ඇගයිම වස් වත්මන් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය තුෂාරි කුලතුංග මැතිණිය විසින් සමරු තිළිණයක් පිළිගන්වා එතුමියගේ ඉදිරි අනාගතයට සුභ ප්‍රර්ථනා කරන ලදී.