Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th March 2023 00:08:09 Hours

සෙබළුන්ගේ පානීය ජල ගැටළුවට තිරසාර විසඳුමක් වෙනුවෙන් ස්ථාපනය කළ 6 ශ්‍රීලපාහ බළඇණියේ පානීය ජල පිරිපහදු යන්ත්‍රය අභිනවයෙන් සෙබළ අයිතියට පවරා දුන් වගයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් 6 වන ශ්‍රීලපාහ බළඇණිය පිහිටි මිහින්තලේ කඳවුර වෙත මෙතෙක් මහත් අඩුපාඩුවක්ව පැවති සෙබළුන්ගේ පිරිසිදු පානීය ජල ගැටළුව නිමාවට පත්කරමින් කඳවුරු භූමිය තුළ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම 2023.03.06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් සෙබළ අයිතියට පත්කරන ලදී.

6 ශ්‍රීලපාහ බළඇණියේ ආරම්භක සාමාජිකයෙකු වූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති වශයෙන් ධූරයෙහි රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව 2023.01.21 වන දින බළඇණියෙහි සිදුකළ පළමු නිල සංචාරයේ දී මෙම ප්‍රදේශයේ බහුලව පවතින වකුගඩු රෝගය සෙබළුන් හටද වැළඳීමේ අවධානම මනාව වටහාගෙන එම තත්වයෙන් බළඇණියේ සෙබළුන් මුදවා ගැනීමේ උදාරතර අරමුණින් යුතුව මෙතුමන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීමෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය බළඇණිය වෙත ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.

කඳවුරු භූමිය වෙත සපැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අණදෙන නිලධාරී විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් පසු ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීමට එක් වූ අතර, ඉන් අනතුරුව එම අවස්ථාවට රැස්ව සිටි සෙබළුන් සමගින් සුහද කථාබහක නිරතවන ලදී. අනතුරුව නිලධාරී නිවස්නයෙහි සූදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගීවීමෙන් පසු කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන ලදී.