Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th April 2023 09:06:13 Hours

සිංහල ගැමි සංස්කෘතික අංගයන්ගෙන් ඔපවත්වූ රෙම ශ්‍රීලපාහ සූර්ය මංගල්‍යය - 2023

රෙම ශ්‍රීලපාහ සූර්යමංගල්‍යය 2023 බක් මස 06 වන දින උදෑසන රසල් හයින් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ජාතික ධජය හා රෙජිමේන්තු ධජය ඔසවා උත්සවත්ශ්‍රීයෙන් ආරම්භ කරන ලද අතර, ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී හා ශ්‍රීලපාහ සේවා වනිතා සංගමයේ ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මැතිනිය සහභාගී විය.

හෙළ ගැමි සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් රසල් හයින් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ ගැමිගෙදර තේමා කරගනිමින් මෙවර රෙම ශ්‍රීලපාහ සුර්යමංගල්‍යය පැවැත්වූ අතර, ඉපැරණි සිංහල සංස්කෘතික අංග රාශියක් උත්සව භූමියේ සංවිධානය කර තිබුණි. අවුරුදු උත්සවය නැරඹීම සඳහා උත්සව භූමිය වෙත සපැමිණි රෙජි අධිපති තුමන් ඇතුළු සම්භාවනීය පිරිස ගැමිගෙදර කෝරාළ ඇතුළු පිරිස විසින් අලුත් අවුරුදු චාරිත්‍ර වලට අනුව පිළිගන්නා ලදී.

සංකෘතික උත්සවය නිමාවන තෙක්ම විවධ අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වූ අතර, ආරම්භයේ සිටම සන්ධ්‍යාකාලය වනතුරු ගම හරහා දිවීම, කොට්ටාපොරය, ලිස්සන ගසේ නැගීම, පොල් අතු විවීම, සිඟිති දරුවන් සඳහා බැලුන් පිපිරවීමේ තරඟය හා 2023 අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි අලුත් අවුරුදු ක්‍රීඩා රාශියක් පැවැත්විය. මෙම සියලුම තරඟ ඉසව් සඳහා පාබල හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ බිරින්දෑවරුන් හා දූ දරුවන් සහභාගී වූ අතර, ජයග්‍රාහී අයවලුන් වෙත ත්‍යාග පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා සුරතින් හා පැමිණි ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. මෙවර සූර්යමංගල්‍යය රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණයෙන් සිදුකළ අතර, මේ සඳහා රෙජිමේන්තු කාර්යමණ්ඩලයේ සහ බළඇණිවලින් පැමිණි භටපිරිස් වෙතින් ලද සහයෝගය හා කැපවීම මත සාර්ථකව සිදුකිරීමට හැකිවිය.