Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th October 2018 13:44:19 Hours

ශ්‍රීලපාහ හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව - 2017

තරඟකාරිත්වය තුලින් කාර්යක්ෂමතාවය හා පලදායිතාවය ඇතිකර එමගින් විනයගරුක හා යුද්ධ හමුදා ප්‍රමිතියෙන් උසස් බළඇණි බිහිකිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්‍රීයාත්මක කරනු ලබන හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂාව 2018.10.02 වන දින 2 (සෙව්) ශ්‍රීලපාහ, 11 ශ්‍රීලපාහ හා 16 (සෙව්) ශ්‍රීලපාහ ඒකක කේන්ද්‍ර කරගනිමින් සිදු කල අතර, මෙම පාලන පරික්ෂාව සඳහා 2017 වර්ෂයේ ශ්‍රීලපාහ හොඳම බළඇණිය තේරිමේ පාලන පරික්ෂා කමිටු සභාපති බ්‍රිගේඩියර් එම්ඩි විජේසුන්දර ආර්එස්පි, ලුතිතන් කර්නල් එල්එච්සිආර් සිරිවර්ධන ආර්එස්පි ශ්‍රීලපාහ, ලුතිතන් කර්නල් යු වනිගසුරිය ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නිලධාරින්, ජ්‍යෙකොනොනින් හා කොනොනින්ගෙන් සැදුම්ලත් පරික්ෂක මණ්ඩලය සහභාගි වන ලදී.

2017 වර්ෂයේදි ඒකකයන් විසින් සිදුකරන ලද ක්‍රීයාකාරකම්, පාලන කටයුතු, සුභසාධක කටයුතු, රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්‍රීයාත්මක කරන වැඩසටහන් සදහා දක්වන ලද දායකත්වය හා ඒකකයේ අනාගත සැලසුම් පිළිබද ඇගයිමට ලක් කිරිම මෙම පරික්ෂණයේදි සිදුකරන ලදී. පරික්ෂාවට ලක් කරන ලද ඒකකයන් හි අණදෙන නිලධාරින් විසින් තම කදවුරු පරිශ්‍රය වෙත පැමිණි පරික්ෂා කමිටු සභාපති තුමා ඇතුලු කමිටු සාමාජිකයින් ඉතා ගෞරවාන්විතව පිළිගැනිමෙන් පසු ඒකකය හා එහි ක්‍රීයාකාරකම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරිම සිදුකල අතර, ඉන් අනතුරුව පාලන පරික්ෂා කමිටුව විසින් තම විෂයන් පිළිබදව පරික්ෂා කිරිම සිදු කරන ලදී. පරික්ෂා කිරිම් අවසානයේදි ඇගයිමට ලක් කරන ලද විෂයන් හි පැවති අඩුලුහුඩුකම් හා සාර්ථක කර ගැනිම සඳහා ගත යුතු ක්‍රීයාමාර්ග පිළිබදව පසුකථනයක් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා 521 බලසේනාධිපති කර්නල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදී.