Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th February 2019 22:01:28 Hours

ශ්‍රීලපාහ අන්තර් ඒකක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 2019

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මගපෙන්විම අනුව හා ශ්‍රීලපාහ ක්‍රිකට් කමිටු සභාපති බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ ශ්‍රීලපාහ ඒකකයන්හි සිටින ක්‍රිකට් ක්‍රිඩාව සදහා සහජ දක්ෂතා ඇති ක්‍රිඩකයින් හට තම දක්ෂතා පිළිබිඹු කිරිමට අවස්ථාව ලබාදිම තුලින් රෙජිමේන්තු ක්‍රිකට් සංචිතය වෙත දක්ෂ ක්‍රිඩකයින් තෝරාගැනිමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ශ්‍රීලපාහ අන්තර් ඒකක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය, වර්ෂ 2019 ක් වු පෙබරවාරි මස 15 දින සිට 19 දින දක්වා රෙජිමේන්තු මධ්‍යස්ථාන රසල් හයින් ක්‍රීඩාංගනයේදි සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රීලපාහ ඒකක 17 කට අයත් ක්‍රිඩකයින් 225 කගේ සහභාගිත්වයෙන් පන්දු වාර 20, පිළිමලුන් පිටුදැකිමේ ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ මුලික වටය හා දෙවන වටය අවසානයේ පැවති අවසන් පුර්ව තරගවලදි 8 ශ්‍රීලපාහ කණ්ඩයාම පරාජය කල 4 ශ්‍රීලපාහ කණ්ඩායම හා 25 ශ්‍රීලපාහ කණ්ඩායම පරාජය කල 19 ශ්‍රීලපාහ කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන ලදී.

වර්ෂ 2019 ක් වු පෙබරවාරි මස 27 දින පැවති අවසන් මහා තරගයේදි 19 ශ්‍රීලපාහ කණ්ඩායම පරාජය කර ලකුණු 95ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිමින් ශ්‍රීලපාහ අන්තර් ඒකක සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 2019 ශූරතාවය දිනාගැනිමට 4 ශ්‍රීලපාහ කණ්ඩායම සමත්වන ලදී. අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ජයග්‍රාහි කණ්ඩායම සදහා වන ශූරතා කුසලානය 4 ශ්‍රීලපාහ කණ්ඩායම ලබාගත් අතර අනුශූරතා කුසලානය 19 ශ්‍රිලපාහ කණ්ඩායම විසින් ලබාගන්නා ලදී. තරගාවලියේ විශේෂ දක්ෂතා දැක්වු ක්‍රිඩකයින් අතරින් හොදම පන්දු යවන්නා වශයෙන් සෙ/330568 කෝප්‍රල් ප්‍රසාද් එස්බීඑම්කේ - 4 ශ්‍රිලපාහ , හොදම පිතිකරු වශයෙන් සෙ/323388 කෝප්‍රල් පුෂ්පකුමාර යුඑච්කේ - 4 ශ්‍රිලපාහ හා දක්ෂතම තුන් ඉරියව් ක්‍රිඩකයා වශයෙන් සෙ/323350 කෝප්‍රල් උදයංග බීඅයි - 19 ශ්‍රිලපාහ ජය සංකේත හා සහතික පත් ලබාගන්නා ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසු නිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.