Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th June 2019 21:41:53 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් ප්‍රජා සත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන විවිධ වැඩසටහන් අතුරින් නිලධාරින් හා සෙසුනිලයින්ගේ සුභසාධනය වෙනුවෙන් කරනු ලබන ව්‍යාපෘථින් සහ වැඩසටහන් ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. එහෙත් ඉන් ඉදිරියට ගමන් කරමින් සිවිල් ජනතාවගේද සුභසාධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර තබා ඇත. ඒ අනුව රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක ප්‍රථිපලයක් ලෙස සහ එතුමාගේ මග පෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි අඩු පහසුකම් සහිත ලාතුගල කනිෂ්ඨ විද්‍යාලයට දීර්ඝ කාලයක් අඩුපාඩුවක්ව පැවති පෙරදිග තුර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් 2019.06.23 දින ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන්හා 24 සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

මෙහිදි පරිත්‍යාග කරනු ලැබූ භාණ්ඩ වල වටිනාකම රු. 200,000.00 කට අධික විය. මේ භාණ්ඩ අතර බටනලා 10 ක්, සර්පිනා 01ක්, දවුල් 01ක්, තම්මැට්ටම් 01 ක්, උඩරට ගැටබෙර 01ක්, පහතරට ගැටබෙර 01ක්, විදුලි ඕගනයක් හා යෂ්ථියක්ද වීය. මෙහි මුල්‍ය අනුග්‍රහය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් හා ශ්‍රීලපාහ ඒකක වෙතින් දරණ ලද අතර, විදුලි ඕගනය සදහා රෙජිමේන්තු අධිපති තුමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබාදීම විශේෂත්වයකි. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද, එම විද්‍යාලයේ විදුහල්පති එන්එම්ආර්එස්එන් බණ්ඩාර මහතා සහ ගුරු මණ්ඩලයද සහභාගි වීය.