Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th March 2018 15:41:49 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් වි‍ශ්‍රාම යන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී

වසර 37 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවට නිවැරදි නායකත්වයක් ලබාදෙමින් අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් වි‍ශ්‍රාම යන අභිත සෙන්පති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී 2018.03.13 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ම‍ධ්‍යස්ථානයට පැමිණෙන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා වර්ෂ 1981.10.16 වන දින කෙඩෙට් නිලධාරි යෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදි 1984.01.14 දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 1984.02.10 වන දින ඛණ්ඩ භාර නිලධාරියෙකු වශයෙන් 1 ශ්‍රීලපාහ ඒකකයට ඇතුලත් වන ලදී. මෙතැන් පටන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රීලපාහ ඒකකයන්ට අයත් සියලුම තනතුරු හොබවමින් රාජකාරි කල අතර, තවද ක්‍රීයාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රමානි 1 (ක්‍රියාන්විත), කා.නි බළසේනාධිපති 516 බසේමු, සේනාවිධායක ශ්‍රීලපාහ, 233 බළසේනාවේ බළසේනාධිපති, වැඩබලන අධ්‍යක්ෂක පුහුණු, රෙජි අධිපති ශ්‍රීලපාහ, බුද්ධි අධ්‍යක්ෂක, පාබල හමුදා අධ්‍යක්ෂක, සේණාංකාධිපති 53 සේණාංකය, යුධ උපකරණ මාස්ටර් ජෙනරාල්, යුද සේවා ලේකම්, ආඥාපති ආසේමු (කිලි), ආසේඅමාවි සේනාවිධායක බටලන්ද හා ප්‍රථම වරට සාමසාධක රාජකාරි සඳහා හයිටි රාජ්යම වෙත යන ලද බළඇණියේ අණදෙන නිලධාරි ලෙසද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාණ මුරයක් ලබා දී පිළිගැනීමේන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විසින් එතුමන් සරඹ භූමිය වෙත කැදවාගෙන යන ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රධානකුලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී.

ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදී මුහුණ දිමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණයකරා යාමට ශක්තිය ‍ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙෙකානොන් සමූහ ජායාරූපයකට පෙනීසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන රෙජි අධිපති තුමන් හට සමුදීම සඳහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වූ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන රෙජි අධිපති තුමන්ගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන ලදී.

ඉන් අනතුරුව සන්ධ්‍යා කාලයේදි විශ්‍රාම ගන්නා ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් නිලධාරි නිවස්නයේදි රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා සමරු තිළිණයක් පිළිගන්වා එතුමාගේ ඉදිරි අනාගතයට සුභ පතන ලදී.