Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th July 2019 08:25:51 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී

වසර 35 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවට නිවැරදි නායකත්වයක් ලබාදෙමින් අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන අභිත සෙන්පති, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2019.07.05 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 1964 ජුලි මස 06 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේ ඉපිද අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රිකට්, හොකී වැනි ක්‍රීඩා කණ්ඩායම්වල සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කටයුතු ද, පාසලේ ශිෂ්‍යභඨ කණ්ඩායමේ කණ්ඩ භාර සැරයන් ලෙස ද කැපී පෙනෙන දක්ෂතා දැක්වු දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. ඉන් පසු දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1984.03.05 වන දින කෙඩෙට් නිලධාරි යෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදි මූලික පුහුණුව යුහ විද්‍යාපීඨයෙන් සම්පූර්ණ කර 1985.11.06 දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ඛණ්ඩ භාර නිලධාරියෙකු වශයෙන් 1 ශ්‍රීලපාහ ඒකකයට ඇතුලත් වන ලදී. මෙතැන් පටන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රීලපාහ ඒකකයන්ට අයත් සියලුම තනතුරු හොබවමින් රාජකාරි කල අතර, 3 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණියේ විධායක අධිකාරියෙකු මෙන්ම දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණියේ ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන්ද, නිලධාරි අණදෙන හා ප්‍රධාන උපදේශක ප්‍රති ත්‍රස්ථ හා යුධ උපක්‍රම පුපා මාදුරුඔය, මානි II භනිසඅම, ප්‍රමානි II මානෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය, මානි II මනෝවිද්‍යාත්මක මෙහෙයුම් - 1 කාර්ය සේනාංක මුලස්ථානය, මානි I යුසේලේශා, අණදෙන නිලධාරි යුහවිපි දියතලාව, කාර්ය නියුක්ත කර්නල් ප්‍රමානි 53 සේනාංකය, 534 බළසේනාවේ බළසේනාධිපති, යුධ සේවා සහයක, 516 බළසේනාවේ කාර්ය නියුක්ත බළසේනාධිපති, 552 බළසේනාවේ බළසේනාධිපති, සේනාවිධායක නගර කොට්ඨාශ මුලස්ථානය යාපනය, සේනාවිධායක යුහවිපි දියතලාව, සේනාංකාධිපති 55 සේනාංකය, ක්‍රියාන්විත අධ්‍යක්ෂ, කාර්ය නියුක්ත සේනාංකාධිපති 12 සේණාංකය, නියෝජ්‍ය අපකුලපති (ආරක්ෂක හා පරිපාලන) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, ආඥාපති ආසේමු (වන්නි), සේනාවිධායක අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කටයුතු සිදුකරනු ලබයි.

මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් දේශීය මෙන්ම ඇමරිකාව, ඉන්දියාව, මැලේසියාව, රුමේණීයාව, පාකිස්ථානය, සහ පිලිපීනය යන රටවල උසස් විදේශීය පාඨමාලා ද හදාරා වෘත්තීය දැනුමින් මෙන්ම හැකියාවෙන් සපිරි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකි.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාණ මුරයක් ලබා දී පිළිගැනීමේන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථානය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් සරඹ භූමිය වෙත කැදවාගෙන යන ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී.

ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදී මුහුණ දිමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට ශක්තිය දෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙකොනොනින් සමග සමූහ ජායාරූපයකට පෙනීසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන රෙජි අධිපති තුමන් හට සමුදීම සඳහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වූ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන රෙජි අධිපති තුමන්ගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන ලදී.

ඉන් අනතුරුව විශ්‍රාම ගන්නා ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් සහ එම මැතිණිය වන තුෂාරි කුලතුංග මැතිණිය වෙනුවෙන් ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ එම මැතිණියන්ගේ සහභාගීත්වයෙන් සන්ධ්‍යා කාලයේ නිලධාරි නිවස්නයේදි රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා සමරු තිළිණයක් පිළිගන්වා මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් විශ්‍රාම යන රෙජිමේන්තු අධිපති තුමන්ගේ සේවය අගයමින් සහ ඉදිරි අනාගතයට සුභ පතමින් හරවත් කථාවක් පවත්වා සුභ පතන ලදී.