Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th April 2019 11:05:02 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු

වසර 34 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවට නිවැරදි නායකත්වයක් ලබාදෙමින් අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන අභිත සෙන්පති, මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2019.04.05 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී. වර්ෂ 1964 අප්‍රේල් මස 06 දින කොළඹ ප්‍රදේශයේ ගෞරවණීය පවුලක පුත්‍රයෙකු වශයෙන් රැල්ෆ් ඇන්තනි නුගේරා කළුබෝවිල මහ රෝහලේදී උපත ලද අතර, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම මූලික අධ්‍යාපනය කොළඹ ශාන්ත පීටර් විද්‍යාලය වෙතින් හදාරා වර්ෂ 1985 ජුනි මස 10 වන දින කෙඩෙට් නිලධාරි යෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදි ඇති අතර තම මුලික යුධ සහ ශ්‍රාත්‍රිය අධ්‍යාපනය පාඨමාලා අංක 21 යටතේ ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිටය වෙතින් හදාරා 1986 ජනවාරි මස 25 දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 3 ශ්‍රීලපාහ ඒකකයට ඇතුලත් වන ලදී.

මෙතැන් පටන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රීලපාහ ඒකකයන්ට අයත් සියලුම තනතුරු හොබවමින් රාජකාරි කල අතර, තවද 534 බලසේනාවෙහි, යන්ත්‍රික පාබල බලසේනාවෙහි සහ කමාන්ඩෝ බලසේනා මුලස්ථානයන්හි බල සේනාධිපති වශයෙන් අති සාර්ථක සේවාවක් එම බළසේනාවන් උදේසා සිදු කරන ලදි. තවද පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය සහ යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය මෙන්ම නිලධාරි පුහුණු ප්‍රවර්ධන මධ්‍යස්ථානය යන යුද්ධ හමුදාවෙහි ප්‍රධාන පුහුණු පාසල්හි සේනාවිධායක වශයෙන් මහගු සේවාවක් ඉටු කරන ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 12 වන පාබල සේනාංකයෙහි, 14 වන පාබල සේනාංකයෙහි සහ 23 වන පාබල සේනාංකයෙහි මෙන්ම 03 වන කාර්ය සාධක බලකායේහි සේනාංකාධිපති වශයෙන් එම සේනාංකයෙහි උන්නතිය උදෙසා විශාල කාර්ය භාරයක් සිදු කර ඇත. තවද පුහුණු අධ්‍යක්‍ෂක යුද්ධ හමුදා මුලස්ථානයෙහි රාජකාරි කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි අවසන් වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා කිලිනොච්චි ආඥාපති ලෙසද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාණ මුරයක් ලබා දී පිළිගැනීමේන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ‍්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ශ්‍රීලපාහ විසින් එතුමන් සරඹ භූමිය වෙත කැදවාගෙන යන ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රධායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී. පසුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනැමිමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් කොනොනි සමාජ ශාලාව වෙත කැදවාගෙන යන ලදී.

ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදී මුහුණ දිමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙකොනොනින් සමග සමූහ ජායාරූපයකට පෙනීසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු තුමන් හට සමුදීම සඳහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වූ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් තමන්ගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන ලදී.

ඉන් අනතුරුව සන්ධ්‍යා කාලයේදි නිලධාරි නිවස්නයේදි විශ්‍රාම ගන්නා ලද මේජර් ජෙනරාල් ආර්ඒ නුගේරා ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු හා බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා සමරු තිළිණයක් පිළිගන්වා එම ජ්‍යෙෂ්ඨ නිල‍ධාරින්ගේ ඉදිරි අනාගතයට සුභපතන ලදී.