Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd March 2018 12:36:33 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවට අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී

හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විශ්‍රාම යාමෙන් පසු අභිනවයෙන් පත් වු 9 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2018.03.22 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි නව රෙජිමේන්තු අධිපති තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් ලබා දී පිළිගැනීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන යන ලද අතර, එහිදී යුද හමුදා සම්ප්‍රධායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී.

ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදී මුහුණ දීමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙකොනොනින් සමඟ සමූහ ඡයාරූපයකට පෙනීසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.