Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd February 2018 10:03:25 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් කරන ලද තවත් ප්‍රජා සත්කාරයක්

රට තුල ඇති අත්‍යවශ්‍ය පොදු සංවර්ධන කටයුතු තම කරමතට ගනිමින් සිටින මොහොතක, පිලිකා රෝගයට ගොදුරුවි ජිවිතය අපේක්ෂාවක් පමණක්ම කරගත් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගින්ගේ වාට්ටු අංක 3 සහ 4 නවීකරණය කර පිරිසිදු කිරිමේ මාහැගි කර‍‍්‍යභරයට අප භඨ පිරිස් දායකත්වය ලබාදෙන ලද්දේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී තුමන්ගේ මගපෙන්විම යටතේය.

මේ අනුව, 2018.02.20 වන දින මහරගම අපේක්ෂා රෝහලේ අංක 3 සහ 4 වාට්ටු හි නවිකර‍‍ණ කටයුතු අවසන් කර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී තුමන් විසින් සිදු කිරන ලදී. එතුමන් සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ භට පිරිස් සහභාගි විය.