Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th March 2023 07:01:33 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සංගමයේ මහ සභා රැස්වීම ගරු සභාපතිනි ධනූෂා වීරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු නිලධාරී නිවස්න පරිශ්‍රයේ දී පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු ඉහළ නංවමින් ඉතාමත් සුවිශාල වූ කාරයභාරයක් සිදුකරනු ලබන මෙම සංගමය 1990 වර්ෂයේ පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ස්ථාපිත කරන ලදී. එදා මෙදාතුර පාබල හමුදා රෙජිමේන්තුවට අයත් රණවිරුවන් උදෙසා වෛද්‍යාධාර, ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික උපකරණ ලබාදීම නව නිවාස හා නිවාසාධාර පිරිනැමීම ආදී විවිධාකාර සුභසාධන කටයුතු විශාල ප්‍රමාණයක් මේ වන විට ලබා දී ඇත.

2023.03.26 වන දින පවත්වන ලද මෙම රැස්වීමේ දී සේවා වනිතා ශඛාවේ ඉදිරි අභිවෘද්ධීය සඳහා වූ නව නිලමඩුල්ලක් පත්කරගැනීම සිදුකළ අතර, එහිදී ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සුබසාධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදී. ආරාධනාවක් මත මෙම වැඩසටහන සඳහා පැමිණි රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාර්ය ආචාර්ය චන්දිමා ගයත්‍රි විජේසුන්දර මහත්මිය විසින් '' කාන්තා අපි වෙනුවෙන් අපි එක්ව කථාකරමු, සිතමු හැදෙමු" මැයෙන් හරවත් දේශනයක් ද පවත්වන ලදී.