Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st January 2019 09:20:40 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි සුහද හමුව

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව හා මාර්ගෝපදේශකත්වයෙන් යුතුව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි සුහද හමුව වර්ෂ 2019 ක්වූ ජනවාරි මස 18 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ "සේවය කරමි" ආදර්ශපාඨයට අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවට මෙන්ම සමස්ථ යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ හා අනගිභවනීය සේවයක් ඉටු කල විශ්‍රාමික පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් ඉතා ගෞරවනීය ලෙස සංවිධානය කරන ලද මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සහභාගී වූ සියලුම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන් විසින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශිෂ්ඨතම නිර්මාණය වන "අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් මාතෘභූමිය වෙනුවෙන් ප්‍රාණදානය කැපකල විරුවන් සිහිකිරීම සිදුකරන ලදී. නිලධාරි නිවස්නය වෙත පැමිණි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන් රෙජිමේන්තු අධිපති තුමන් ඇතුලු රෙජිමේන්තු මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර අනතුරුව සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සුහද පිළිසඳරේ යෙදෙමින් අතීතාවර්ජනය සිදුකරමින් ඉතාමත් ප්‍රීතියෙන් යුතුව උත්සව අවස්ථාව ගතකරනු දක්නට ලැබිණි. පෙරදිග වාද්‍ය වෘන්දයේ සත්සරයට මුසුවූ පැරණි ගී තනු මෙම උත්සවයට විචිත්‍රවත් හා නැවුම් බවක් එක්කරන ලද අතර හෝරා කීපයක් අවසානයේ සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසු රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ නිමාව සනිටුහන් විය.

පාබල හමුදාව වෙතින් බිහිකල යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම ලුතිතන් ජෙනරාල් එච්වී අතුකෝරාළ (විශ්‍රාමික) වීඑස්වී පීඑස්සී එෆ්බීඅයිඑම් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල ප්‍රමාණයක් මෙම සුහද හමුව සඳහා සහභාගී වූ අතර මෙවැනි විචිත්‍රවත් උත්සවයක් සංවිධානය කරමින් ඔවුන් වෙත දැක්වූ ගෞරවය පිළිබඳව රෙජිමේන්තු අධිපති තුමා ඇතුලු සියලුම නිලයන් වෙත සිය කෘතඥතාවය පුද කරන ලදී.