Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th October 2024 13:23:23 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 18 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සුබ මොහොතින් රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 18 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ අරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2024 ඔක්තෝබර් මස 08 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි, නව රෙජිමේන්තු අධිපති ප්‍රධාන දොරටුව අභියස දී මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් ගෞරවපූර්වකව පිළිගැනුණි. එහිදී කඳවුරු මුරයේ ගෞරවාචාරය ලබාගැනීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත පැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් පිළිගැනීමෙන් පසුව රෙජිමේන්තු ධජය ඔසවා රෙජිමේන්තු ගීතය ගායනාකර රෙජිමේන්තුව වෙත තම ගෞරවාචාරය පුදකරන ලදී. ඉන් අනතුරුව එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර, එහි දී නව රෙජිමේන්තු අධිපති වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාන්විත සම්මාන මුරයක් පුදකරනු ලැබීය.

පසුව රෙජිමේන්තු අධිපති කාර්යාලයේ දී පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරීන් භාරගත් රෙජිමේන්තු අධිපති පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව තම ඉදිරි දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කරමින් භටපිරිස් අමතා අගනා දේශනයක් සිදුකළ එතුමන් රටට තිරසාර සාමයක් උදාකිරීම වෙනුවෙන් දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම කෘතවේදීත්වය පුදකරන ලදී. අනතුරුව කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේපැන් සංග්‍රහයට සහභාගීවූ රෙජිමේන්තු අධිපති පැමිණ සිටි නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට ද එක් විය.

අභිනවයෙන් පත් වූ නව රෙජිමේන්තු අධිපතිතුමණි! ඔබගේ නව දැක්ම සමගින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පාබල හමුදාවේ සියලුම සාමාජිකයින් වන අප ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු...