Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th January 2019 09:01:54 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 25 වන සේනාවිධායක තුමන්ගේ රාජකාරි ආරම්භය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනව සේනවිධායක වශයෙන් පත්විම් ලද කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වර්ෂ 2019 ක්වු ජනවාරි මස 02 දින පෙරවරුවේ යෙදුනු සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරීන් ආරම්භ කරන ලදී.

කඩුගන්නාව මහා විද්‍යලයෙන් බිහිවු කිර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මෙතුමන් වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බළසේනාවට බැඳි මුලික යුද පුහුණුව පකිස්තානු යුද හමුදා විද්‍යා පිඨයෙන් සාර්ථක ලෙස හදාරා වර්ෂ 1991 මාර්තු මස 13 දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට ඇතුලත් විය.පාබල නිලධාරියෙක් වශයෙන් තම සේවා කාලය තුලදී ජ්‍යෙෂ්ඨතවය හා නිලයට සරිලන පරිදි විවිධ නිලතල හා තනතුරු හෙබවිමට භාග්‍යය ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 4 ශ්‍රීලපාහ ඒකකයේ බුද්ධි නිලධාරී, විධායක අධිකාරි හා කණ්ඩායම් භාර නිලධාරි අණදෙන වශයෙන්ද දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයේ පුහුණු අංශ විධායක අධිකාරි තනතුර දරමින් තම යුද්ධ හමුදා දැණුම වර්ධනය කරගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණකාමී පාබල ඒකකයක් වු 3 ශ්‍රීලපාහ ඒකකයේ ක්‍රියාන්විත හා පුහුණු භාර නිලධාරි අණදෙන වශයෙන් ද, 8 ශ්‍රීලපාහ ඒකකයේ දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද, 59 සේනාංකයේ ප්‍රමානි 1 (ක්‍රියා) වශයෙන්ද, තනතුරු දරමින් තම හැකියවන් හා දක්‍ෂතාවයන් වර්ධනය කරගත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම යුද හමුදා ගමන් මගෙහි නව පරිච්ජේදයක් සනිහිටුහන් කරමින් 8 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි තනතුරට පත්විය. අනතුරුව රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන්ද, 16 වන සමසාධක මෙහෙයුම් බළඇණියේ දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන්ද, යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 වශයෙන්ද, දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයේ පාලන අංශයේ අණදෙන නිලධාරි වශයෙන්ද වගකිම් සහිත තනතුරු රාශියක් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද බිමේදි දිවි පරදුවට තබමින් සතුරන් ඉදිරියේ තම මාතෘ භුමිය ආරක්ෂාකර ගැනිමේ ක්‍රියාන්විත වලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා හේතුවෙන් "වීර වික්‍රම විභූෂණ පදක්කම","රණ වික්‍රම පදක්කම" හා "රණශූර පදක්කම" වැනි වීර පදක්කම් වලින් පිදුම් ලබා ඇත. දේශීය හා විදේශිය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒ සියලු අත්දැකිම් මුසුකොට පරිනතභාවයෙන් හා දැඩි වගකිමකින් යුතුව පැවරෙන සියලු රාජකාරි ඉටුකිරිමට සමත්ව ඇත.

වර්ෂ 2017 සැප්තැම්බර් 18 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් පත්විම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එම තනතුරෙහි රාජකාරින් ඉටුකිරිමේදී අත්දැකිම් බහුල තම හමුදා ජීවිතයෙන් ලද පන්නරය හා නිපුණත්වය තුලින් රෙජිමේන්තුව වෙත පැවරෙන කාර්ය්‍යන් නිසි කළමණාකාරිත්වයෙන් යුතුව කාර්යක්ෂමව හා සපලදායිව ඉතා සාර්ථකව සිදුකිරිමට සමත්වු නිසාවෙන් ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉතා සුවිශේෂි හා ගෞරවනීය තනතුරක් වන මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරට පත්විම් ලැබිමේ භාග්‍යය හිමිකරගැනීමට සමත්විය.

25 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරින් භාරගැනිම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි කර්නල් ඩීඒකේ දිසානයක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු මුරයක් ලබාදෙමින් පිළිගැනිමෙන් පසු අභිමන් මුදුණත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව සේනාවිධායක කාර්ය්‍යාලයේදි රාජකාරි ආරම්භ කිරිමෙන් පසු සියළු නිලයන් අමතමින්,සේනාවිධායක තනතුරට පත්විම සඳහා භාග්‍යය හිමිකරදුන් සියළුම නිලයන් වෙත තම කෘතවේදිත්වය පලකල අතර ඉදිරියේදී රෙජිමේන්තු සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගනිමින්, විනයානුකුලව හා දැඩි අධිෂ්ඨානයකින් යුතුව රාජකාරි කල යුතු ආකාරය, රෙජිමේන්තුවේ දියුණුව හා සංවර්ධන කටයුතු වල වර්ධනය පිළිබඳව හරවත් දේශනයක් සිදු කරන ලදී.

ඉන් පසු සම්ප්‍රදායිකව බනි/සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී විමෙන් අනතුරුව රාජකාරි ආරම්භය වෙනුවෙන් පැවති උත්සවයේ නිමාව සනිටුහන්විය.